Wednesday, May 21, 2025

General line - 0115112241

හිස් වූ සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය භාර ගන්න හිරුණිකා කැමැත්තෙන්



සමගි ජන බලවේගයේ පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය තමන්ට ලබා දෙන්නේ නම් එය භාර ගැනීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා.

කෙසේවෙතත් ඉදිරි මහ මැතිවරණයට තමන් ඉදිරිපත් වන බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් ඇය කියා සිටියේ.


නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගය නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.