Wednesday, May 21, 2025

General line - 0115112241

ඉදිරි දින කිහිපයේ ගිගුරුම්  සහිත වැසි.



ඉදිරි දින කිහිපයේ දිවයිනේ බොහෝ  ප්‍රදේශවල  සවස් කාලයේදී හෝ රාත්‍ර ී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. 

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුර සහ උතුරුමැද ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.
 
එමෙන්ම කළුතර, ගාල්ල  මාතර සහ රත්නපුර  දිස්ත්‍රික්කවලට  උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පැවසුවේ