Wednesday, May 21, 2025

General line - 0115112241

මාතලේ පාසලක සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට

විරාජ් අබයසිරි



මාතලේ නගරයේ ප්‍රධාන පාසලක ගුරුවරියකගේ මුහුණ නිරුවත් ඡායාරූපයකට බද්ධ කර අන්තර්ජාලය වෙත  මුදාහරින ලද බවට සැක කෙරෙන එම පාසලේම සිසුන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ මිශ්‍ර පාසලක දහවන පන්තියේ ඉගෙනුම ලබන හුලංගමුව හා වාරියපොළ ප්‍රදේශවල පදිංචි සිසුන් දෙදෙනෙකු බවයි පොලිසිය පැවසුවේ.

නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන එම ගුරුවරිය සීමාවාසික පුහුණුව සඳහා එම පාසලට පැමිණ තිබෙනවා.

පොලිස් භාරයට ගෙන ඇති පාසල් සිසුන් දෙදෙනා මාතලේ පරිවාස කාර්යාලය වෙත යොමු කර පරිවාස වාර්තා සමඟ මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.