Saturday, May 24, 2025

General line - 0115112241

ශ්‍රී පුර වෙඩි තැබීමකින් තරුණයෙකු මරුට



ශ්‍රී පුර, ගැමුණුපුර, පුල්ලෙයාර් හන්දිය ප්‍රදේශයේදී අද අලුයම තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම තරුණයාට වෙඩි තබා පලා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

ටී 56 වර්ගයේ ගිනි අවියක් යොදා ගනිමින් එම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ශ්‍රී පුර කාවන්තිස්සපුර ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.