Saturday, May 24, 2025

General line - 0115112241

අදත් ප්‍රදේශ රැසකට මහ වැසි



ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය අද දිනයේත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේ වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ පැවසුවේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන්ද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ කරුණු දැක්වුවා.