Wednesday, May 7, 2025

General line - 0115112241

ඉන්දියාවෙන් පාකිස්ථානයට ප්‍රහාරයක්



පකිස්ථානයේ සහ පකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ස්ථාන නවයකට ප්‍රහාරයක් දියත් කර ඇති බව ඉන්දීය රජය පවසනවා.

ප්‍රහාරයක් එල්ල වූ බව පකිස්ථාන හමුදාවද පිලිගෙන ඇති අතර එහි ප්‍රකාශකයෙකු ප්‍රකාශක උපුටා දක්වමින් එරට රාජ්‍ය රූපවාහිනිය පවසා ඇත්තේ ඉන්දීය හමුදා පකිස්ථානයේ ස්ථාන තුනකට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවයි.
 
පකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීර ප්‍රාන්තයේ දේශසීමා ප්‍රදේශවල දැඩි ෂෙල් වෙඩි ප්‍රහාර සහ පිපිරීම් පිළිබඳ වාර්තා වී ඇති බවයි ඇතැමි විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත්තේ.