ජනතාව ප්‍රතික්ෂේප කළ පක්ෂ සමග සන්ධානගතව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට කටයුතු නොකරන බව ජාතික ජන බලවේගය පවසනවා.
කෙසේවෙතත් ස්වාධීනව මැතිවරණයට ඉදිරිපත් වූ කණ්ඩායම් සිය පක්ෂයට සහය දැක්වීමට අපේක්‍ෂා කරන්නේ නම් ඔවුන් සමග පමණක් කටයුතු කිරීමට සිය පක්ෂය සූදානම් බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ජන බලවේගය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ.
ඡන්ද ප්‍රතිඵල පිළිබඳ විපක්ෂය සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන්ද එහිදී අදහස් පළ වුණා.
සිය ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ ඡන්ද දායකයින්ට ස්තුතිය පුද කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.