Thursday, May 8, 2025

General line - 0115112241

සජබය සමග එක් වනවාද? - පොහොට්ටුවෙන් ප්‍රතිචාර



පසුගිය මහමැතිවරණයට සාපේක්‍ෂව ඊයේ පැවති පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂවල ඡන්ද ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බව සමගි ජන බලවේගය පවසනවා. 

ඒ අනුව ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය අඩු වී ඇති බවයි සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ. 


විපක්ෂයේ සියලු කණ්ඩායම් එක් කර ගනිමින් කොළඹ මහනගර සභාවට සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයෙක් පත් කර ගන්නා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා. 


සමගි ජන බලවේගය සමග සන්ධානගත වන්නේදැයි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා කටයුතු කරන්නේදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැඳවූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් යොමු කළා. ඊට එම පක්ෂයේ මහලේකම්  මහතා දැක්වූයේ මෙවන් අදහසක්. 


මේ, පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා.