Thursday, May 8, 2025

General line - 0115112241

රුපියල් කෝටියක් වටිනා ජංගම දුරකථන නීති විරෝධීව රැගෙන ආ පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

ටී කේ ජී කපිල



ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන පනත උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් කෝටියක් වටිනා අති නවීන ජංගම දුරකථන තොගයක් සමග ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 12, ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

සැකකරු ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඔහු විසින් රැගෙන ආගමන් මලු‍ 02ක් තුළ සගවා තිබූ අති නවීන ජංගම දුරකථන 91ක්, කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.