Thursday, May 8, 2025

General line - 0115112241

ව්‍යාජ ස්ටිකර් ජාවාරම යලිත් 



ලංකාවේ මහා පරිමාණයෙන් සුරා බද්ද අහිමි කරන ව්‍යාජ ස්ටිකර් ජාවාරම නැවතත් ආරම්භ කර තිබෙනවා 

ඒ අනුව දැනට ලංකාවේ මත්පැන් නිෂ්පාදකයන් හතර දෙනෙකු හා සමහර සුරාසැල් හිමිකරුවන් පිරිසක්ද නැවතත් මහා පරිමාණයෙන් මෙය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ 

මෙහිදී ඔවුන් සිදු කරන්නේ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන සුරාබදු ස්ටිකරය හා සමාන ස්ටිකරයක් ව්‍යාජ ලෙස මුද්‍රණය කර සත්‍ය ස්ටිකරයේ ඇති කේතයද එලෙසින්ම ව්‍යාජ ස්ටිකරයේ සදහන් කර එම ස්ටිකර් මත්පැන් බෝතල් වල අලවා වෙළදපොලට නිකුත් කිරීමයි. 

මෙමගින් රජයට ඉතා විශාල බදු මුදලක් අහිමි වනවා

උදාහරණහක් ලෙස ගල් අරක්කු මිලි 750 බෝතලයකට රජයට හිමි විය යුතු බදු මුදල රුපියල් 2600 පමණකි. 

මෙම ව්‍යාජ ස්ටිකරය නිසා මෙම රුපියල් 2600ක පමණ බදු මුදල රජයට අහිමි වෙනවා මෙන්ම බෝතලයකින් ලැබිය යුතු ලාබයට අමතරව මෙම රුපියල් 2600 අමතර ලාබයක් ලෙස නිශ්පාදකයාට හිමි වනවා.

තවද මත්පැන් නිශ්පාදන බලපත්‍ර නැති රහස් නිවෙස් හා කර්මාන්තශාලා වල මෙම ජාවාරම විශාල වශයෙන් මහ පරිමානව  කරගෙන යන බවයි වාර්තා වන්නේ.

මෙයට සමහර සුරාසැල් හිමියන්ද සසම්බන්ධ වී ඇත්තේ මෙම ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් විකිනීමේදී සාමාන්‍යයෙන් ලැබෙන වට්ටම් මෙන් දෙගුණයක් මේවා විකිණීමේදී නිෂ්පාදකයයා විසින් ලබා දීම හේතුවෙන්.

මෙම වංචාව අයත් විය යුත්තේ ව්‍යාජ මුදල් හා ව්‍යාජ මුද්දර මුද්‍රණය යන වරද යටතේ වුවද පසුගිය රජයේ දේශපාලන මැදිහත් වීම් මත මෙය සුලු වරදක් සේ සලකනු ලැබුවා