Friday, May 9, 2025

General line - 0115112241

නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයින් 34ක් අත්අඩංගුවට

ටී කේ ජී කපිල



සිය වීසා කාලය ඉක්මවා නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයන් 34 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සීදුව ප්‍රදේශයේ නවාතැන්පොළක රැඳී සිටියදීයී.

බංග්ලාදේශ ජාතික පිරිමි පුද්ගලයන් වන ඔවුන් අවුරුදු 19ත් 54ත් අතර වයස්වල පසුවනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ලද බුද්ධි තොරතුරු මත ඊයේ පස්වරුවේ සිදුකල වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයන් පිරිස වැලිසර ආගමන විගමන දෙපාර්තමේන්තුවට අයත් රැඳවුම් මධ්‍යස්ථානයේ රදවා තබා සිටින අතර ඔවුන් බංග්ලාදේශය බලා පිටුවහල් කිරීමට පියවර ගන්නා බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.