Friday, May 9, 2025

General line - 0115112241

දෙකෝටියකට අධික රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට



පසුගිය 03 වනදා සපුගස්කන්ද ප්‍රදේශයේදී රුපියල් දෙකෝටි අටලක්ෂ හතලිස් දාහක් වටිනා රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑමේ අපරාධයට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බස්නාහිර පළාත - උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් කිරිඳිවැල පොලිස් වසමේ රඳාවාන මාහේන ප්‍රදේශයේදීයි.

සැකකරු වයස අවුරුදු 61ක් වන කලගෙඩිහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ.

සැකකරුගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සොරකම් කරන ලද රන් මුදුවක් ද සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.