Friday, May 9, 2025

General line - 0115112241

හෝමාගම වෙඩි තැබීමත් පාතාල කල්ලි ගැටුමක ප්‍රතිඵලයක්දැයි සැකයක්



හෝමාගම, මාලපල්ල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා, 2017 වසරේ සිදු වූ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘සමයං’ ඝාතනයට සම්බන්ධ වෙඩික්කරුවන්ට වාහනයක් සැපයූ අයෙකු බව  අනාවරණ වී තිබෙනවා. 

ඊයේ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. 

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 43ක් වූ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්. 

එම වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බව දැනට සිදු කළ විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා. 

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.