Update
දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සංවර්ධනය කර විකිණීම සඳහා තිබූ ඉඩම් කොටස්වලට නීති විරෝධී ලෙස
පිඹුරුපත් සකස් කර රජයට රුපියල් තුන් ලක්ෂ හැත්තෑ තුන්දාස් අටසිය හැටක මුදලක් පාඩු කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ඇප මත මුදා හරින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද නියෝග කලා.
අල්ලස් කොමිසම විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කළා.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරණිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකරු දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටි අවධියේ ඉඩම් සඳහා පිඹුරු පත් අනුමත කිරීමේදී නීතියට පටහැනි ආකාරයෙන් අපිම කටයුතු සිදු කර ඇති බව දැනුම දුන්නා.
ඒ තුළින් රජයට රුපියල් 373,880/- ක පාඩුවක් සිදු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බවත් එම නිලධාරණීය සඳහන් කළා.
ඒ අනුව රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් දූෂණ විරෝධී පනත යටතේ මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බවත් ඇය පැවසුවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු රුපියල් මිලියනයක ශරීර අප මත මුදා හැරීමට නියම කළා.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා .
අල්ලස් කොමිසම විසින් සැකකරු අත්අඩංගුවට ගෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
ඉඩම් වලට අදාල පිඹුරු අනුමත කිරීමේදී රජයට රුපියල් ලක්ෂ තුනකට අධික මුදලක් පාඩු කළේ මොහුට් චෝදනා එල්ල වී තිබෙනවා