Wednesday, May 21, 2025

General line - 0115112241

තැන තැන පත්තු වන වෙඩි ගැන පොලීසියෙන් තවත් අනාවරණයක්



පාතාල කණ්ඩායම් අතර තැන තැන වෙඩි තැබීම් සිදුවන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති කරගත් ගැටලු හේතුවෙන් බව පොලීසිය පවසනවා. 

පාතාල කණ්ඩායම් අතර තොරතුරු හුවමාරු කිරීමේදී ඇතිවන ගැටලුකාරී තත්ත්වයෙන් හේතුවෙන් එම වෙඩි තැබීම් සිදුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ. 


හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිල හල්ලොලුව මහතාගේ මෝටර් රථයට එල්ල වූ වෙඩි තැබීමේ සිද්ධියෙහි ඇති අසාමාන්‍ය තත්ත්වයන් පිළිබඳ පොලීසියේ අවධානය යොමුව ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.