Wednesday, May 21, 2025

General line - 0115112241

හරක් කටාට එරෙහි නඩුවක් කල් යයි

උදය කුමාර



මුල්ලේරියාව ප්‍රදේශයේ නිවසක් බිඳ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් හරක් කටාට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ජූලි මස 15 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද නියම කළා. 

මෙම නඩුව කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේයි.
 

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා අද දින නිවාඩු ලබා සිටීම හේතුවෙන් නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහුගේ කනිෂ්ට නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව විනිසුරුවරයා නියම කළේ එම නඩුවේ වැඩිදුර විභාගයේ ජුලි මස 15 වනදා දක්වා කල් තැබීමටයි.
 

නඩුවේ සාක්ෂිකාරියක වන ඉන්ද්‍රානි ඩයස් නමැත්තිය අද දින නඩුව කැඳවූ  අවස්ථාවේ අධිකරණයේ පෙනී සිටි අතර ඇයට ඊළඟ දිනයේද අධිකරණය පෙනී සිටින ලෙස විනිසුරුවරයා අවවාද කළා. 
 

දැඩි ආරක්ෂක විධිවිධාන මැද විත්තිකාර හරක් කටා අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ත්‍රස්ත මර්ධන කාර්යාංශ නිලධාරීන් ඔහු මාධ්‍යවලට නිරාවරණය නොවන පරිදි ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කිරීමට ද කටයුතු කළා.