16 වන රණවිරු දින සැමරුමට සමගාමීව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ නිර්දේශය අනුව සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් විසින් 2025 මැයි මස 19 වන දින යුද්ධ හමුදා නිලධාරි/ නිලධාරිණියන් 134 දෙනෙකු වෙත නිල උසස් කිරීම් පිරිනමා ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 11 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයටත්, කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 25 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයටත්, ලුතිතන් කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 01 ක් කර්නල් නිලයටත්, කපිතන් නිලයේ නිලධාරින් 05 දෙනෙකු මේජර් නිලයටත්, ලුතිතන් නිලයේ නිලධාරින් 14 දෙනෙකු කපිතන් නිලයටත්, දෙවන ලුතිතන් නිලයේ නිලධාරින් 70 දෙනෙකු ලුතිතන් නිලයටත්, ලුතිනන් නිලයේ උපකරණ පාලන නිලධාරීන් 08 දෙනෙකු කපිතන් නිලයටත් උසස්වීම් ලබාදී ඇත.