Saturday, May 24, 2025

General line - 0115112241

මහවැලි අධිකාරියේ ඒකක කළමනාකරුවකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට



මහවැලි අධිකාරියේ සේනපුර කොට්ඨාස කළමනාකරණ කාර්යාලයට අනියුක්ත ඒකක කළමනාකාරවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් රුපියල් 20,000ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මතයි. 

රණවිරු පදනම යටතේ මහවැලි අධිකාරිය හරහා ලබාදී ඇති පර්චර්ස් 20ක ඉඩම වගුරු බිමක් සහිත ඉඩමක් බැවින් ඒ වෙනුවට වෙනත් ඉඩම් කොටසක් ලබාදීමට අවශ්‍ය බලපත්‍රය සකස් කිරීම සඳහා සැකකරු එම අල්ලස් මුදල ඉල්ලා තිබෙනවා. 

අත්අඩංගුවට ගත් සැකකරු පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.