Saturday, May 24, 2025

General line - 0115112241

මන්ත්‍රී දයාසිරිගේ ක්‍රියාකලාපය ගැන සොයන්න කතානායකගෙන් කමිටුවක්



පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කතානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. 

කතානායවරයා අද පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමන් වෙත ලද පැමිණිල්ලකට අනුව එම කමිටුව පත් කළ බවයි. 

මේ අතර වගා හානි සිදුවූ වී ගොවීන් සඳහා වන්දි මුදල් ගෙවීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා වෙත අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් යොමු කළා. ඒ වාචික පිළිතුරු අපේක්‍ෂා කෙරෙන ප්‍රශ්න වාරයේදීයි. 

මේ අතර පාසල්වල සිංහල සහ දෙමළ මාධ්‍ය සිසුන්ට දෙවන භාෂාවක් ඉගැන්වීම අනිවාර්ය කිරීමට සැලසුම් කර තිබේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගෙන් මෙහිදී විමසා සිටියා.  

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා විමසූ ප්‍රශ්නයකට අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.