Saturday, May 24, 2025

General line - 0115112241

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 04කට ස්ථාන මාරු



ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 04 දෙනෙකුට සහ පොලිස් අධිකාරීවරයෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත්කිරීම් ලබා දී තිබෙනවා. 

ඒ අනුව පොලිස් සුබසාධක කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ තනතුරේ රාජකාරී කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී එල් එම් එස් බණ්ඩාර මහතාට ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ කුරුණෑගල කොට්ඨාස භාර නිලධාරියා ලෙසයි. 

කුරුණෑගල කොට්ඨාස භාර නිලධාරි තනතුරේ රාජකාරී කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඒ ජී යූ සී හේරත් මහතා මූලස්ථාන පරිපාලන අධ්‍යක්‍ෂවරයා ලෙස පත්කර තිබෙනවා. ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී එස් පී කේ ගාල්ලගේ මහතාට මොණරාගල කොට්ඨාසයේ සිට ස්ථාන මාරුවීම් ලබා දී ඇත්තේ සුබසාධක කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ලෙසයි. 

කෑගල්ල කොට්ඨාසයේ රාජකාරී කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අයි සී යූ අයි කන්දේවත්ත මහතා තඹුත්තේගම කොට්ඨාස භාර නිලධාරී ලෙස පත් කර තිබෙනවා. 

පොලිස් මූලස්ථානයේ රාජකාරී කළ පොලිස් අධිකාරී කේ ඩබ්ලිව් ජී තුෂරසේන මහතා බස්නාහිර පළාත් දකුණ රථවාහන කොට්ඨාසය වෙත මාරු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.