Wednesday, April 24, 2024

General line - 0115112241

දීපාවලි වෙනුවෙන් ජනාධිපති කාර්යාලය සංවිධානය කළ විශේෂ දීපාවලි උළෙල (PHOTOS)




හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික හා සංස්කෘතික උළෙල වන දීපාවලි වෙනුවෙන් ජනාධිපති කාර්යාලය සංවිධානය කළ විශේෂ දීපාවලි උළෙලක් ඊයේ(19) පස්වරුවේ  ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

හින්දු සම්ප්‍රදායානුකුළ විවිධ සංස්කෘතික අංගවලින් මෙම උත්සවය වර්ණවත් වූ අතර මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්, රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන්, මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ඇතුළු  පිරිසක් එක්ව සිටියා.