Thursday, April 25, 2024

General line - 0115112241

රුසියානු කතගේ අත්බෑග සොරකම ගැන පොලිස් පරික්ෂණ

චන්දික ලියනගේ - මාතර




වැලිගම මිරිස්ස ප්‍රදේශයේදී රුසියානු ජාතික ඉංජිනේරුවරියකගේ අත්බෑගය සොරාගත් පුද්ගලයින් දෙදෙනකු සොයා වැලිගම පොලීසිය පරීක්ෂණ සිදුකරනවා.

එම කාන්තාව සිය පෙම්වතා සමග රාත්‍රි ආහාරය සඳහා පාගමනින් යමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් ඇගේ අත්බෑගය උදුරාගෙන ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

බෑගයේ රුපියල් හතළිස්දහසක පමණ මුදලක් තිබූ බව ඇය පොලීසියට පවසා තිබෙනවා.

අදාළ රුසියානු ජාතික යුවළ මෙරටට පැමිණ ඇත්තේ සංචාරයක් සඳහායි.