Thursday, April 25, 2024

General line - 0115112241

තරග පාවා දීමේ තැතක් වැලිකතරේදී එළියට

කසුන් කැළුම්




ශී‍්‍ර ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියේදී මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් ඔට්ටුකරුවන්ගේ නියෝජිතයෙකු කළ යෝජනාවක් පාකිස්තානු නායක සර්ෆාස් අහමඞ් ප‍්‍රතික්‍ෂේප කර තිබෙනවා.

ඔහු මේ පිළිබව අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සහ පාකිස්තානු ක්‍රිකට් බලධාරීන් දැනුවත් කර ඇති බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ.

පාකිස්තානු කි‍්‍රකට් නායකයාට මෙම යෝජනාව කර ඇත්තේ ඩුබායි හි ජීවත් වන පුද්ගලයෙක්.

පාකිස්තානු කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයින්ද මෙම පුද්ගලයා හොදින් හඳුනන්නෙකු බවද අනාවරණ වී තිබෙනවා.

පාකිස්තානු කි‍්‍රකට් නායකයා මේ පිළිබදව හෙළි කිරීම පිළිබඳව අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය ඔහුට ප‍්‍රශංසාව ද පළ කළා.

මෙම සිදුවීමත් සමග පාකිස්තානු කිි‍්‍රකට් බලධාරීන් සිය කී‍්‍රඩකයින් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ඔවුන් පිටතට පැමිණෙන වේලාවන්ද වෙනස් කර ඇති බවද පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ප‍්‍රකාශකයෙකු කියා සිටියා.

ශී‍්‍ර ලංකාව සමගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තරග සංචාරයක නිරත පාකිස්තානු කණ්ඩායමට  මෙහි වැඩි නිදහසක් හිමිව තිබුණා.

මෙම සිදුවීමත් සමග එම නිදහස සීමා කිරීමටයි පකිස්තානු කි‍්‍රකට් බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

මීට පෙර පාකිස්තානු පී‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ දී මුදලට ඔට්ටු තබන්නන්ගේ ඉල්ලීම් අනුව තරග කළ සර්ජීල් ඛාන්ට සහ කලීඞ් ලතීෆ් දෙදෙනාට පාකිස්තානු කි‍්‍රකට් බලධාරීන් විසින් තරග තහනමක්ද පනවනු ලැබුවා.