Friday, March 29, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට තවත් ප්‍රහාරයක් - කැඩෙට් භටයන් 15 මරුට (PHOTOS)




ඇෆ්ගනිස්ථානයේ දේවස්ථාන දෙකකට පෙරේදා (20) රාත‍්‍රියේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වීමෙන් අනතුරුව ඊයේ (21) දිනයේද මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් කාබුල් අගනුවර කැඩෙට් භටයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කාබුල් නුවර මාර්ෂල් ෆාහිම් හමුදා පුහුණු මධස්ථානයේ දොරටුව අසලදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ කැඩෙට් භටයන් රැගත් බස් රථයකටයි. 

අයි.එස්. සන්නද්ධ කණ්ඩායම් කාබුල් නුවර ෂියා මුස්ලිම් දේවස්ථානයකට පෙරේදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පුද්ගලයන් 72 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.