Wednesday, April 24, 2024

General line - 0115112241

මලින්දගෙන් කොදෙව් දේශයේදී කඩුලූ 12ක් - ජයත් ශී‍්‍ර ලංකාවට

කසුන් කැළුම් ඩුබායි සිට




මලින්ද පුෂ්පකුමාරගේ සුපිරි පන්දුයැවීම හමුවේ බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම සමග පැවති දෙවන සිවුදින කි‍්‍රකට් තරගය ලකුණු 280කින් ජය ගැනීමට ශී‍්‍ර ලංකා ඒ කණ්ඩායම සමත් වුණා.

මලින්ද පුෂ්පකුමාර මෙම තරගයේදී බිද හෙලූ කඩුලූ සංඛ්‍යාව 12ක්.

ශී‍්‍ර ලංකා ඒ කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 294ක් රැස් කළ අතර කොදෙව් ඒ කණ්ඩායමට ඊට පිළිතුරු වශයෙන් පළමු ඉනිමට රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 137ක් පමණයි.

ශී‍්‍ර ලංකා ඒ කණ්ඩායම දෙවන ඉනිමට රැස් කළ ලකුණූ සංඛ්‍යාව 267ක්.

ඒ අනුව කොදෙව් ඒ කණ්ඩායමට දෙවන ඉනිමේදී තරගය ජයග‍්‍රහණය සඳහා ලකුණු 480ක ජයග‍්‍රාහී ඉලක්කයක් හිමි වුණා.

එහෙත් ඔවුන් දෙවන ඉනිමේදී සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 144ක් පමණයි.

දසුන් ශානක ශී‍්‍ර ලංකා ඒ කණ්ඩායමේ පළමු ඉනිමේදී ශතකයක් සහ දෙවන ඉනිමේදී අර්ධ ශතයක් වාර්තා කිරීමට සමත් වුණා.

තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය ජය ගත්තේ කොදෙව් ඒ කණ්ඩායමයි.