Saturday, April 20, 2024

General line - 0115112241

කන්ටේනර් රථයක් දුම්රියේ ගැටෙයි




හුණුපිටිය දුම්රිය හරස් මාර්ගයේදී කන්ටේනර් රථයක් දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද (21) උදෑසන සිදුවූ මෙම අනතුර හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ලවී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් මෙම අනතුරට මුහුණ දුන්නා. 

මේ අතර දෙමටගොඩදී මාර්ගයට ගසක් කඩාවැටීමෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාදා එල්ල වී තිබෙනවා.