Thursday, March 28, 2024

General line - 0115112241

මගීන් නැති දුම්රිය ස්ථානයට පොලිසියෙන් ඇවිත් (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




දුම්රිය රියදුරන් ඇතුලු වෘත්තිය සමිති කිහිපයක සේවකයින් විසින් ක්‍රියාත්මක කරන දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් හැටන් දුම්රිය ස්ථානය දැඩි පාලු ස්වභාවයක් ගෙන තිබෙන බව අප වාර්තාකරුවන් පෙන්වා දෙනවා.

මේ වන විට ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වී තිබෙන බැවින් වෙනදාට මේ දිනවල හැටන් දුම්රිය ස්ථානය දිස්වන්නේ දැඩි කර්යබහුල ආකාරයෙනි.

කෙසේවෙතත් වර්ජනය නිසා හැටන් දුම්රිය ස්ථානයට තවදුරටත් දිවා රාති‍්‍ර  පොලිස් ආරක්‍ෂාව යොදවා තිබෙනවා. ඒ දුම්රිය ස්ථානයේ දේපළ ආරක්ෂාව වෙනුවෙන්.

දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේද අඩුවක් ඇති බවයි නල්ලතන්නිය අවන්හල් හිමියන් පවසන්නේ.