Friday, April 19, 2024

General line - 0115112241

සාමාන්‍ය පෙළ විභාගය සඳහා සියල්ල සූදානම්

නිෂාන් ද සිල්වා




හෙට (12) ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය සහා අවශ්‍ය සියලූ කටයුතු මේ වනවිටත් සූදානම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

අධ්‍යාපන අමාත්‍යංශයේ අද (11) පැවැත්වූ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ඒ පිළිබඳ කරුණු දැක්වූවා.

දුම්රිය වැඩවර්ජනයක් පැවතීම හෙට (12) ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගයේදී ප‍්‍රමාද වී පැමිණීමට කිසිඳු අපේක්ෂකයෙකුට නිදහසට කාරණාවක් නොවන බව විභාග කොමසාරිස් ජනරාල් බී සනත් පූජිත අවධාරණය කළා.

ඔහු ඒ බව අවධාරණය කළේ හෙට (12)  ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදීයි.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිම සහා පිළිගත් හැඳුනුම්පතක් ද අනිවාර්ය වනවා.

විභාග ප‍්‍රවේශ පත‍්‍රය ද නිවැරදිව පරීක්ෂා කර විභාග මධ්‍යස්ථානය වෙත අනිවාර්යයෙන් රැගෙන යන ලෙසයි විභාග අපේක්ෂකයන්ට සිහිපත් කෙරුණේ.

අපේක්ෂකයන් 6 ලක්ෂ  88,573 දෙනෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගය සහා පෙනී සිටිනවා.

විභාග මධ්‍යස්ථාන ගණන 5116ක්.