Friday, March 29, 2024

General line - 0115112241

සුරා බදු ආඥා පනතට සංශෝධනයක්

සජිත් තිලකරත්න




සුරා බදු ආඥා පනත සහා සංශෝධන කෙටුම්පතක් පාර්ලිමේන්තුවට අද (11) ඉදිරිපත් කෙරුණා.

මේ යටතේ කිතුල් හැර පොල් සහ තල් ගස්වලින් රා මැදීමට බලපත‍්‍ර ලබා ගැනීම අනිවාර්ය කිරීමට යෝජිතයි.

බදු පනත් කෙටුම්පතක් ද පාර්ලිමේන්තුවට අද (11) ඉදිරිපත් කෙරුණා.

ආණ්ඩුව පැවසුවේ  මෙම කෙටුම්පත සම්මත කිරීම හදිසි අවශ්‍යතාවක් බවයි. එහෙත් විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් ඊට විරෝධය පළ කළ අතර කථානායකවරයා එහිදී කියා සිටියේ අද (11) විවාදයට නොගෙන ලබන වසරේ ජනවාරි 23 වනදා පාර්ලිමේන්තුව නැවත රැස් වූ පසු මෙම කෙටුම්පත විවාදයට ගත හැකි බවයි.