Thursday, April 25, 2024

General line - 0115112241

මැතිවරණ නීතිය අද සිට ක්‍රියාත්මකයි

මේනකා රත්නායක




මැතිවරණයක් සහා නාම යෝජනා භාර ගැනිම ආරම්භ කිරීමත් සමග මැතිවරණ නීති ක‍්‍රියාත්මක වීමද අද (11) සිට ආරම්භ වන බව පොලිසිය සිහිපත් කරනවා.

කොළඹ දී අද (11) පැවති මාධ්‍ය හමුවේ දී මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියා.

මැතිවරණ රාජකාරි සහා නිලධාරින් දසදහසක් යොදවන බව ද පොලිස් ප‍්‍රකාශකවරයා මෙහිදී පැවසුවා.

ඔවුන් නිසි ලෙස රාජකාරී කිරීම තහවුරු කිරීමට ද සැළසුම් සකස් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පළාත් පාලන ආයතන 93ක් සඳහා නාම යෝජනා භාර ගැනීම අද (11) ආරම්භ වුණා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය බදුල්ල දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන 5කටත් ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ගල්නෑව ප‍්‍රාදේශිය සභාවටත් අද (11) නාම යෝජනා භාරදුන් බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.