Saturday, April 20, 2024

General line - 0115112241

බඩගින්නට අසූචි කන්නේ නැහැ! විමල් එස්.බීට පිළිතුරු දෙයි

චම්ලි ඒකනායක




විමල් වීරවංශ මන්ත්‍රීවරයා කලකිරීමෙන් සිටින බවත්, ශ්‍රලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් සමග සාකච්ඡා අරඹා ඇති බවත් පවසමින් අමාත්‍ය එස්.බී දිසානායන බවසන්නේ මුසාවක් බව, තම නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

"ආණ්ඩුවේ ශ්‍රී.ල.නි.ප. පලුවේ පිනට මංත්‍රීකම හා ඇමැති කම ලද S.B. දිසානායක මහතා අද මාද්‍යයට පවසා ඇත්තේ මා සිටින්නේ කලකිරීමෙන් බවත් මා ද ලගදීම ඔව්න්ගේ ආන්ඩුව සමග එක්වන බවත් ය. Sb ට මෙන්ම අපේ සමහරුන්ටද උවමනා වි ඇත්තේ කලකිරීම් නැතිනම් කලකිරීම් ඇති කරවා හෝ sb ලා වැටී සිටින අසූචි පිරුනු වලට අපවද බස්සවා ගන්නටය. අපේ සමහරුන් ඒ වලට බැස ඇත්තේ සිය ඉතිහාස වගකීමට පයින් ගසාය. Sb ලා අප ගැනද සිතන්නේ ඒ මට්ටමින්නම් මට කියන්න ට ඇත්තේ sb ට හොදටම වැරදී ඇතැයි කියාය. කෙටියෙන් කියන්න ට ඇත්තේ මෙපමනකි.. කලකිරීම් තිබුනත් නැතත් S.B මහත්තයෝ අපි බඩගින්නට අසූචි කන්නේ නැත. ඔබේ මට්ටමින් අනිත් මිනිසුන් ගැන නිගමන වලට එලබීමෙන් වලකින්න"