Friday, April 19, 2024

General line - 0115112241

විජේදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි! ලිපිය ජනපතිට

සුගත් ධර්මප්‍රිය / චම්ලි ඒකනායක




පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ජනාධිපතිවරයා වෙත අදාල ලිපිය බාරදී තිබෙනවා.

19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ව්‍යවස්ථාදායක සභාව පිහිටවනු ලැබුවා. මුළු සාමාජිකයින් ගණන 10කින් සමන්විත ව්‍යවස්ථාදායක සභාවට නිල බලයෙන් කථානායකවරයා, අගමැතිවරයා, විපක්ෂනායකවරයා පත්වනවා.

තවත් සාමාජිකයින් ව්‍යවස්ථා සභාවේ සාමාජිකත්වය හිමිවන අතර, ආණ්ඩුපක්ෂයෙන් දෙදෙනකු, විපක්ෂයෙන් දෙදෙනකු, එම කිසිදු පක්ෂයකට සම්බන්ධ නැති අයකු හා ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි තවත් සාමාජිකයකු වශයෙන් ඔවුන් පත්වනවා.

 ජනාධිපති වරයාගේ ගේ නියෝජිතයා ලෙස මහ නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පත්කෙරුණා. අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ, අගුාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා අයත් නොවන, පාර්ලිමේන්තුව නියෝජනය කරන සුළු පක්ෂ නියෝජනය කරමින් එහි නියෝජිත ධුරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ද  නම්කෙරුණා.

ආණ්ඩක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ පළමු රැස්වීම කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී 2015 සැප්තැම්බර් 10දා පැවැත්වුණා.

විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාව පසුගිය කාලයේ දැරූ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ධූරයන්ගෙන්ද ඉවත් කෙරුණු අතර මහරගම එක්සත් ජාතික පක්ෂ සංවිධායක ආසන සංවිධායක තනතුරෙන්ද ඉවත් කරනු ලැබුවා.