Monday, May 20, 2024

General line - 0115112241

මේ බරපතල වරද ශ්‍රී ලංකාවත් කරන බවට FATF කියයි - ඒ නිසා ලංකාවට හිමි වුණු තැන මෙන්න (PHOTOS)

FATF නිල වෙබ් අඩවිය ඇසුරෙන් - වසන්ත පිවිතුරු




ලොව රටවල් අතර බරපතල ලෙස මුදල් විශුද්ධීකරණයට ලක්වන රටවල දැඩි අවදානම් සහිත රටවල් අතරට ශ්‍රී ලංකා එක්ව තිබෙනවා.

එවැනි අවදානම් සහිත රටවල ලැයිස්තුව මේවන විට Financial Action Task Force  හෙවත් රටවල් අතර අන්තර් රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරීත්ව කාර්ය සාධක බලකායේ නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධියට පත්කර තිබෙන අතර අදාළ ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 11 වන ස්ථානයයි.

ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු මෙම රටවල බරපතල ලෙස මුදල් විශුද්ධීකරණයට ලක්වන බවයි අන්තර් රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරීත්ව කාර්ය සාධක බලකාය  පවසන්නේ.

එමෙන්ම බරපතල මුදල් විශුද්ධීකරණය හා ඒ සම්බන්ධයෙන් ලොව රටවල අවදානයට ලක් වූ රටවල් අතරට ද ශ්‍රී ලංකාව එක්වනු ඇති.

ශ්‍රී ලංකාව, බොස්නියාව,හෙර්චගෝවිනා,උතුරු කොරියාව, ඉතියෝපියාව, ඉරානය, ඉරාකය, සිරියාව, ටුබාකෝව,දුනිෂියාව, වනාටුව සහ යේමනය යන රටවල බහුලව මුදල් විශුද්ධීකරණයට ලක්වන බවයි මුදල් හුවමාරු යාන්ත්‍රණය පෙන්වා දී තිබෙන්නේ.

එම තත්ත්වය ඉතාමත් භයානක බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.

මෙම තත්ත්වය හමුවේ රටක සංවර්ධනය අඩාල විය හැකි බව පෙන්වා දෙන අන්තර් රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරීත්ව කාර්ය සාධක බලකාය මෙම රටවල ත්‍රස්තවාදී කණ්ඩායම් සඳහා මුදල් එක්රැස් කරන බවත් එය ජාත්‍යන්තර මූල්‍ය අංශයට විශාල තර්ජනයක් බවත් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් එහි සවිත්තරාත්මක තොරතුරු බැලිය හැකි වනවා.

http://www.fatf-gafi.org