Thursday, April 25, 2024

General line - 0115112241

බස් යතුරු පැදි ගැටුමෙන් මවට සහ පියාට බරපතල තුවාල! දරුවා හාස්කමකින් මෙන් බේරෙයි (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




හැටන් සිට නාවලපිටිය දක්වා අධීක වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් හා ගිනිගත්හේනේ සිට හැටන් කොටගල දක්වා ධාවනය වු යතුරු පැදියක් අනතුරට පත්විමෙන් යතුරු පැදියේ ගමන් ගත් අඹුසැමි යුවළක් බරපතල ලෙස තුවාල ලබා වටවල ප‍්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කෙරුණා. ඔවුන්ගේ තත්ත්වය බරපතල බැවින් සැමියා මහනුවර ශික්ෂණ රෝහලටත් බිරිඳ නාවලපිටිය මුලික රෝහල වෙතත් මාරුකර යවා තිබෙනවා.

ඊයේ (16) රාති‍්‍ර 11.00 ට පමණ මෙම අනතුර සිදුවි ඇත්තේ  හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ වටවල ප‍්‍රදේශයේදිය. අධීක වේගයෙන් ප‍්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වු බස් රථය ඉදිරියට ධාවනය වෙමින් තිබු යතුරු පැදියේ ගැටිමෙන් යතුරු පැදිය අඩි කිහිපයක් ඉදිරියට විසිවි තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ අඹුසැමි යුවළ සමග ඔවුන්ගේ දරුවාද යතුරු පැදියේ ගමන් කර ඇතත් එම දරුවාට මෙම අනතුරෙන් කිසිදු තුවාලයක් සිදුවි නොමැත. 

බස් රථයේ රියදුරා බිමත්ව සිටි බවත් අධීක වේගයෙන් බස් රථය ප‍්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය කිරිම නිසා යතුරු පැදියේ ගැටි මෙම අනතුර සිදුවි ඇති බවයි පොලිසිය කියා සිටින්නේ. සැකපිට අත්අඩංගුවට ගත් රියදුරු හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.