Wednesday, April 24, 2024

General line - 0115112241

අගමැතිට විශ්වාසභංගයක් ගේන්නේ නෑලු

කසුන් කැලුම්




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කිරීමට විශ්වාසභංගයක් ගෙන එ්ම මේ මොහොතේ අවශ්‍ය නොවන බව එ්කාබද්ධ විපක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පැවසුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වූ පසු ජාතික ආණ්ඩුව අවසන් වන බවයි.

එ් සමග බහුතරය නොමැති වීමෙන් කැබිනට් මණ්ඩලයද විසුරුවා හැරෙන අතර එහිදී අග‍්‍රාමාත්‍ය ධුරයද පුරප්පාඩු වන බවයි උදය ගම්මන්පිල මන්තී‍්‍රවරයා කියා සිටියේ.