Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක් (UPDATE)(PHOTOS)

කසුන් කැලුම්




ශ්‍රී ලංකා හා බංග්ලාදේශ අතර අද (18) පැවති දෙවන හා අවසන් 20/20 ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුණා. ඒ ලකුණු 75 න්. ලකුණු 211 ක ඉළක්කය හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර සියළු දෙනා දැවී ලකුණු 135ක් රැස් කළා. ඒ පන්දුවාර 18 පන්දු 4ක් අවසානයේ.

කෙසේ වෙතත් අද (18) තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශ කණ්ඩායම මුලින් පන්දු රැකීමට තීරණය කිරිමත් සමග ශ්‍රී ලංකා  කණ්ඩායම පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසියා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ දී ලකුණු 210 ක් හිමි කර ගත්තේ කඩුළු 6ක් ඉතිරිව තිබියදීයි.

අද තරගයේ දී කුසල් මෙන්ඩිස් 70ක් රැස් කළා.

 --------------------

බංග්ලාදේශ 211ක ඉළක්කයක් (18-02-2018 18:10)

බංග්ලාදේශ හා ශ්‍රී ලංකා අතර අද (18) පැවත්වෙන දෙවන හා අවසන් 20/20 ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ ලකුණු 210 ක් හිමි කර ගත්තා.

ඒ පන්දුවාර 20ක් අවසානයේ කඩුළු 4ක් දැවී යාමෙන්.

අද තරගයේ දී කුසල් මෙන්ඩිස් 70ක් රැස් කළා.

තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශ කණ්ඩායම මුලින් පන්දු රැකීමට තීරණය කිරිමත් සමග ශ්‍රී ලංකා පිට පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසියා.

----------------------

ශ්‍රී ලංකා පිල පිටියට (18-02-2018 16:55)

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන පන්දුවාර 20  විස්ස කි‍්‍රකට් තරගය මීට සුළු වේලාවකට පෙර ආරම්භ වුණා.

අද (18) කි‍්‍රකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. ඔවුන් පළමුව තීරණය කළේ පන්දු යැවීමටයි. අද තරගයේදී බංග්ලාදේශ කණ්ඩායමේ වෙනස්කම් 04ක් සිදු කර තිබෙනවා.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල වෙනුවට අමිල අපෝන්සු කණ්ඩායමටෙ කැඳවීමටයි තිරණය කර ඇත්තේ.

මෙම තරගය අමිල අපෝන්සුගේ මංගල පන්දු වාර 20 ජාත්‍යන්තර තරගය වනු ඇති. අද තරගයේදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කඩුළු රකින්නා ලෙස කටයුතු කරනු ඇත්තේ නායක දිනේෂ් චන්දිමාල්.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වනවිට කිසිවෙකු නොදැවී පන්දු වාර 05ක් අවසානයේ ලකුණු 51 රැස්කර ගෙන සිටිනවා.

---------------

කාසියේ වාසිය බංගලියන් පන්දු  රකින්නට පිටියට පිවිසෙයි  (18-02-2018 16:10)

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන සහ අවසන් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ කණ්ඩායාම මීට නොබෝ වේලාවකට පෙර හිමි කර ගත්තා.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායාම පන්දු රැකීමට තීරණය කළා.

--------------------

බංගලියන් සමග ගැටෙන දෙවැනි සටන අද - තිසරට වාර්තා පොත් අතරට යන්නත් අවස්ථාවක්

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන සහ අවසන් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය ශිලේට්හිදී අද (18) පැවැත්වෙනවා. 

ශී‍්‍ර ලංකා වේලාවෙන් මෙම තරගය පස්වරු 4.30ට ආරම්භ වීමට නියමිතයි.

තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ 1 ට බින්දුවක් ලෙස ශී‍්‍ර ලංකා කණ්ඩායම පෙරමුණ ගෙන සිටිනවා.

අඛණ්ඩව පන්දුවාර විස්ස තරග 8ක් පරාජය වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉකුත්දා පැවති පළමු තරගයේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව කඩුලූ 6ක විශිෂ්ට ජයක් ලබමින් එම පරාජයන් රැල්ලට තිත තැබුවා.

අද තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ. ෂෙහාන් මධුසංඛ වෙනුවට අසිත ප‍්‍රනාන්දු කැඳවනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මේ අතර තිසර පෙරේරාට පන්දුවාර විස්ස කි‍්‍රකට් පිටියේ සිය පනස්වැනි කඩුල්ල දවා ගැනීමට තවත් අවශ්‍යව ඇත්තේ එක් කඩුල්ලක් පමණයි.

අද තරගයේදී ඔහු කඩුල්ලක් දවා ගැනීමට සමත්කම් දැක්වුවහොත් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් පන්දුවාර විස්ස කි‍්‍රකට් පිටියේ කඩුලූ 50 සීමාව පසු කළ සිව්වන පන්දුයවන්නා ලෙස ඔහු වාර්තා පොත් අතරට එක්වනු ඇති.

මීට පෙර එවැනි දස්කමක් දක්වා තිබුණේ ලසිත් මාලිංග, අජන්ත මෙන්ඩිස් සහ නුවන් කුලසේකරයි.