Friday, April 26, 2024

General line - 0115112241

පිරිත් සඡ්ඡායනා මැද ඥාණසාර හිමි බන්ධනාගාරයට රැගෙන යයි (UPDATE)

නිශාන් ද සිල්වා




බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ව අධිකරණ භූමියේ සිට මේ වන විට වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යමින් ඇති බව nethnews.lk වාර්තාකරු සඳහන් කළා.

අධිකරණ භූමිය ආසන්නයේ ඇති බෝ ගස අසළ සිට තවත් ස්වාමීන් වහන්සේලා පිරිසක් පිරිත් සඡ්ඡායනා කරමින් සිටින බවද සඳහන් කළා.

----------------------------------------

ඥාණසාර හිමිට බරපතල වැඩ සහිත සිර දඬුවමක් (UPDATE)

14-06-2018 12:41

 

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මාස 06කින් ගෙවී යන ලෙස වසරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබෙනවා.

------------------------------------------

වරදකරු වූ ඥාණසාර හිමිට දඬුවම් නියම කිරීම අද 

14-06-2018 10:33

 

හෝමාගම අධිකරණ සංකීර්ණය සහ ඒ අවට ප‍්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

ඒ, බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහි දඬුවම් නියම කිරීම අදට (14) යෙදී තිබීම හේතුවෙන්.

හෝමාගම අධිකරණය තුළදී මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට මරණීය තර්ජනය කළ බවට වූ චෝදනාවට ඉකුත්දා උන්වහන්සේ වරදකරු බවට තීරණය කළා.

ඒ, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි. නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ අධිකරණ සංකීර්ණය සහ ඒ අවට ප‍්‍රදේශයට ජල ප‍්‍රහාරක රථ, කැරළි මර්දන කණ්ඩායම් සහ අතිරේක පොලිස් බල ඇණිද කැඳවා ඇති බවයි.