Friday, March 29, 2024

General line - 0115112241

රුහුණු පොසොන් මහා පෙරහැර සමගින් නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරය සාර්ථකව නිමාවට පත්වෙයි (UPDATE)




ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ දී සිදු කෙරුණු රුහුණු පොසොන් මහ පෙරහැර අද (28) අලූයම සාර්ථකව අවසන් වුණා.

අලි ඇතුන් පෙරටු කරගනිමින් විවිධ කලා සහ සංස්කෘතික අංගයන්ගෙන් සමන්විතවයි රුහුණු පොසොන් මහ පෙරහැර වීථි සංචාරය කළේ.

පෙරහැර නැරඹීම සඳහා ඊයේ (27) පස්වරුවේ සිටම දහස් සංඛ්‍යාත සැදැහැවතුන් ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරස්ථාන පුදබිමට පැමිණ සිටියා. 

පොසොන් පොහොය නිමිත්තෙන් නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කළ පිංකම් මාලාව ඊයේ දවස පුරා සාර්ථකව පැවැත්වුණේ ද ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේදීයි.

නෙත් ශ්වේත පූජා වැඩසටහන ද ඊට සමගාමීව පැවැත්වුණා.

රටට සහ ජනතාවට සෙත් පතමින් නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කළ නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ අවසන් දිනය වූ ඊයේ ද ධාතුන් වහන්සේ නමස්කාර කර ගැනීම සඳහා දහස් සංඛ්‍යාත සැදැහැවතුන් තිස්ස පුදබිමට පැමිණ සිටියා. 

ඉකුත් 16 වැනිදා ඓතිහාසික දෙවනගල පුදබිමේදී ආරම්භ වූ නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරය සිරිලක පිංබිම් 06ක දී සැදැහැවතුන්ගේ සාධුකාර මධ්‍යයයේ සාර්ථකව පැවැත්වුණේ රටට සහ ජනතාවට සෙත් පතමින්. 
 

-----------------------------------------

පොසොන් පොහෝ දින නේත්‍රාභිවන්දනා පිං බිම සුදුවතින් සැරසුනු සැදැහැවතුන්ගෙන් පිරී යයි (UPDATE)

(27-06-2018 09:27)

 

නේත‍්‍රභිවන්දනා ධාතු නමස්කාරය ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේදී මේ වනවිටත් පැවැත්වෙනවා.  

අද පොහොන් පෝය දිනය බැවින් එම පිං බිමේ විශාල පිරිසක් එක් රැස්ව සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ.

 

-------------------------------------

නේත‍්‍රාභිවන්දනාවට රාත‍්‍රියේත් මහ සෙනඟක් තිස්ස පුදබිමට (UPDATE)

(26-06-2018 21:32)

 

නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරය තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේදී මේ වනවිට පැවැත්වෙනවා. නේත‍්‍රාභිවන්දනාවට රාත‍්‍රියේත් මහ සෙනඟක් තිස්ස පුදබිමට පැමිණ සිටින බව අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කරනවා.

...............................................................................................................................................................

නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරය තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේදී 

(26-06-2018 18:32)

නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරය තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේදී මේ වනවිට පැවැත්වෙනවා. ඊට සමගාමීව නේත‍්‍රාභිවන්දනා රුහුණු පොසොන් උදානයේ වීථි සංචාරක පෙරහැර අද රාත‍්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි.

තිස්සමහාරාම පුදබිමේදී නේත‍්‍රාභිවනද්නා ධාතු නමස්කාරය යටතේ වන්දනාවට පාත‍්‍ර වන්නේ කොළඹ හුණුපිටිය ගංගාරාමයේ සිට වැඩම කරනු ලැබූ ජීව කේෂ ධාතුන් වහන්සේයි. 

--------------------------

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සිට බුදු රජාණන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේ ගුවනින් වැඩම කෙරේ 

26-06-2018 12:32

හුණූපිටිය ගංගාරාම විහාරස්ථානයේ සිට ගුවනින් වැඩම කෙරවූ බුදු රජාණන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේ තිස්සමහාරාම රාජමහා විහාරස්ථානය වෙත අද (26) වැඩම කරවනු ලැබුවා.

ධාතූන් වහන්සේ දෙබරවැව මහා විද්‍යාලයේ සිට තිස්සමහාරාම රාජමහා විහාරස්ථානය වෙත වැඩම කරවනු ලැබුවේ විචිත‍්‍රවත් රිය පෙරහැරකින්.

 

----------------------------------------

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අද සිට තිස්සමහාරාම රාජ මහා විහාරයේ (UPDATE)

(26-06-2018 08:38)

 

තිස්සමහාරාම රාජ මහා විහාරයේ පැවැත්වෙන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට එක්වීමට සැදැහැවතුන්ට අද (26) සිට අවස්ථාව උදා වනවා. සැදැහැවතුන්ගේ වන්දනාමානයට පාත‍්‍ර වන බුදුන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේ තිස්සමහාරාම පුද බිමට වැඩම කෙරෙන්නේ හුණූපිටිය ගංගාරාම විහාරයේ සිට ගුවන් මගින්.

මෙම පිංකමට සමගාමීව තෙසැත්තෑ ඥාණ පූජාවක් සහ දඬුවැට පහන් පූජාවක් තිස්සමහාරාම සෑ රඳුන් අභියසදී ඊයේ (25) සිදු කෙරුණා. 

තිස්සමහාරාම රාජ මහා විහාරයේ පැවැත්වෙන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයද බැතිබර දායකත්වය ලබා දෙනවා.

ඒ පිළිබඳ නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සඳහන් කළේ මෙම අති උතුම් වූ පුණ්‍යකර්මය හා එක්වීමට අවස්ථාව සැළසීම පිළිබඳව සිය ප්‍රණාමය පුද කරන බවයි.

(එහිදී දැක්වූ තවත් අදහස් පහත හඬපටයෙන් දැක්වෙයි)

 

----------------------------------------------

නේත‍්‍රාභිවන්දනයට සමගාමීව තෙසැත්තෑ ඥාණ පූජාවක් සහ දඩුවැට පහන් පූජාවක් (UPDATE)

(25-06-2018 21:28)

 

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට සමගාමීව තෙසැත්තෑ ඥාණ පූජාවක් සහ දඩුවැට පහන් පූජාවක් තිස්සමහාරාම සෑ රඳුන් අභියසදී අද (25) සිදු කෙරුණා. නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය තිස්සමහාරාම රජමහා විහාරයේ දී හෙට (26) ආරම්භ වීමට නියමිතයි.

නේත‍්‍රභිවන්දනා මහා ධාතු නමස්කාරය මීට පෙර දෙවනගල, කුලියාපිටිය, කරවනැල්ල, බලංගොඩ සහ බෙරලපනාතර යන ප‍්‍රදේශවලදී සිදු කෙරුණා. 

...................................................................................................................................................................

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට සමගාමීව තෙසැත්තෑ ඥාණ පූජාවක් තිස්සමහාරාම සෑ රඳුන් අභියසදී

(25-06-2018 19:28)

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට සමගාමීව තෙසැත්තෑ ඥාණ පූජාවක් තිස්සමහාරාම සෑ රඳුන් අභියසදී මේ වනවිට පැවැත්වෙනවා. නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය තිස්සමහාරාම රජමහා විහාරයේ දී හෙට (26) ආරම්භ වීමට නියමිතයි. 

තිස්සමහාරාම සෑ රඳුන් අභියසදී දඩුවැට පහන් පූජාවක් ද අද (25) පැවැත්වෙනවා. 
 

..........................................................................................................................................................................

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය හෙට තිස්සමහාරාමයට

(25-06-2018 07:46)

දෙණියාය බෙරලපනාතර ශී‍්‍ර සුදර්ශනාරාම විහාරස්ථානයේදී නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අද (25) දහවල් දක්වා සිදු කෙරෙනවා.

ඊයේ (24) දවස පුරා දිවයිනේ නන් දෙසින් පැමිණි ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් ධාතු නමස්කාරය හා එක්ව සිටිනු දැකගත හැකිවුණා. අද දහවල් සම්බුද්ධ පූජාව දක්වා ධාතු නමස්කාරය හා සහසම්බන්ධ වීමට සැදැහැවතුන්ට අවස්ථාව සලසා දීමටයි කටයුතු යොදා ඇත්තේ. 

හෙට (26) සහ අනිද්දා (27) යන දෙදින තුළදී තිස්සමහාරාම ඓතිහාසික පිංබිමේදී සැදැහැවතුන්ට නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරය හා එක්වීමට අවස්ථාව පවතිනවා.

ඒ, නෙත් එෆ්. එම්. ශ්වේත පූජා පිංකම් මාලාවටද සම්බන්ධ වෙමින්.

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සිට වැඩම කරවන උතුම් වූ ජීව කේශ ධාතු වහන්සේ වැඳපුදා ගැනීමටද තිස්සමහාරාම පුද බිමේදී සැදැහැවතුන්ට අවස්ථාව සලසා දීමටයි කටයුතු යොදා ඇත්තේ. 

 

 

--------------------------------

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට අදත් බෙරලපනාතර ශී‍්‍ර සුදර්ශනාරාම විහාරස්ථානයේදී   (UPDATE)

(24-06-2018 18:58)

 

දෙණියාය බෙරලපනාතර ශී‍්‍ර සුදර්ශනාරාම විහාරස්ථානයේ පැවැත්වෙන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය සඳහා අද (24) දවස පුරා දිවයිනේ නන්දෙසින් පැමිණි සැදැහැවතුන් රැසක් එක්ව සිටියා.

මේ වනවිට ශී‍්‍ර සුදර්ශනාරාම පිංබිම සූදානම් වන්නේ ඉරිදා සිත් නෙත් අසපුව විශේෂ වැඩසටහනටයි. එහි තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා නෙත් විශේෂ නියෝජිත වරුණ එදිරිසිංහ සමග.

..........................................................................................................................................................................

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට අදත් අවස්ථාව

(24-06-2018 07:01)

දෙණියාය බෙරලපනාතර ශී‍්‍ර සුදර්ශනාරාම විහාරස්ථානයේ පැවැත්වෙන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය සඳහා එක්වීමට සැදැහැවතුන්ට අදත් (24) අවස්ථාව උදා වනවා.

ඊයේ (23) රාති‍්‍රයේද ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට සැදැහැවතුන් රැසක් පැමිණියා.

ධාතූන් වහන්සේ වෙනුවෙන් කිරි ආහාර පූජාවක් ද අද පෙරවරුවේ සිදු වෙනු ඇති.

 

-----------------------------------------

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට බෙරලපනාතර සිරි සුදර්ශනාරාමයට සැදැහැවතුන් රැසක්  (UPDATE)

(23-06-2018 22:04)

 

බෙරලපනාතර ශී‍්‍ර සුදර්ශනාරාම විහාරස්ථානයේ පැවැත්වෙන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය සඳහා මේවනවිට සැදැහැවතුන් රැසක් පැමිණෙමින් සිටිනවා. එහි නවතම තොරතුරු නෙත් එෆ් එම් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්ගෙන්.

මේ අතර ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ වාර්ෂික පොසොන් පිංකමට සමගාමීව පැවැත්වෙන ආශිර්වාද නෙළුම් මල් පූජාව අද පස්වරුවේ පවැත්වුණා. ඒ, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ වැඩමවීමෙන්. තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන පිංකම් මාලාවට සමගාමීව ලබන 25 වනදා තෙසැත්තෑ ඥාණ පූජාවක්ද පැවත්වීමට නියමිතයි. 26 වනදා උදෑසන 09:30 සිට උතුම් වු කේශ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමටද තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේදී සැදැහැවතුන්ට අවස්ථාව උදා වනවා.

................................................................................................................................................................................

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට බෙරලපනාතර සිරි සුදර්ශනාරාමයට සැදැහැවතුන් රැසක්

(23-06-2018 20:20)

නේත‍්‍රාභිවන්දනා බෙරලපනාතර ශී‍්‍ර සුදර්ශනාරාම විහාරස්ථානයේ පැවැත්වෙන මහා ධාතු නමස්කාරය සඳහා මේවනවිට සැදැහැවතුන් රැසක් පැමිණෙමින් සිටිනවා. මෙලෙස සැදැහැවතුන්ගේ වන්දනාමානයට පාත‍්‍ර වන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීව කේශ ධාතූන් වහන්සේ, ශී‍්‍ර සර්වඥ ධාතූන් වහන්සේ සහ මහරහත් ධාතූන් වහන්සේ දස නමකගේ ධාතූන් වහන්සේයි. 

බෙරලපනාතර ශී‍්‍ර සුදර්ශනාරාම විහාරස්ථානයේ පැවැත්වෙන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ නවතම තොරතුරු ගෙන එන අපගේ නෙත් විශේෂ නියෝජිත වරුණ එදිරිසිංහ

ධාතූන් වහන්සේ වැදපුදා ගැනීමට බෙරලපනාතර ශී‍්‍ර සුදර්ශනාරාම විහාරස්ථානය වෙත පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් අද (23) රාති‍්‍රයේ විශේෂ බස්රථ සේවාවක්ද කි‍්‍රයාත්මකයි.

මේ අතර ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ වාර්ෂික පොසොන් පිංකමට සමගාමීව පැවැත්වෙන ආශිර්වාද නෙළුම් මල් පූජාව මේ වනවිට පැවැත්වෙනවා. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ග් වැඩමවීමෙන් මෙම පිංකම සිදු කෙරෙනවා. තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන පිංකම් මාලාවට සමගාමීව ලබන 25 වනදා තෙසැත්තෑ ඥාණ පූජාවක්ද පැවත්වීමට නියමිතයි. 26 වනදා උදෑසන 09:30 සිට උතුම් වු කේශ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමටද තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේදී සැදැහැවතුන්ට අවස්ථාව උදා වනවා.
.....................................................................................................................................................................

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අද බෙරලපනාතර සිරි සුදර්ශනාරාමයේදී

(23-06-2018 08:00)

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාර පිංකමේ 8 වන දිනය අදයි. ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමට අද (23) අළුයම වනතුරු සැදැහැවතුන් විශාල පිරිසක්  බලංගොඩ පින්නවල ශී‍්‍ර පුෂ්පාරාම ටැම්පිට රජමහා විහාරස්ථානය වෙත පැමිණ සිටියා. 

බලංගොඩ පින්නවල ශී‍්‍ර පුෂ්පාරාම ටැම්පිට රජමහා විහාරස්ථානයේ සිට ධාතූන් වහන්සේ වැඩම කරවීමට නියමිත බෙරලපනාතර ශී‍්‍ර සුදර්ශනාරාමය 

ඒ සදහා මේ වනවිටත් ඒ සදහා සූදානම්ව පවතින බවයි බෙරලපනාතර ශී‍්‍ර සුදර්ශනාරාම විහාරාධිපති, පස්ගොඩ ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය කටුවන චන්දරතන ස්වාමීන් වහන්සේ පැවසුවේ.

බෙරලපනාතර ශී‍්‍ර සුදර්ශනාරාමය වෙත පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් අද රාති‍්‍රයේදී විශේෂ බස්රථ සේවාවද කි‍්‍රයාත්මකයි.

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය සඳහා බැතිබර දායතක්වය ලා ඕජී වෙතින්.

මේ අතර නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට සමගාමීව ඉකුත් පළමු වනදා ආරම්භ වූ තිස්සමහාරාම පොසොන් මහා පුණේ‍යා්ත්සවය යටතේ තවත් විශේෂ පිංකමක් අද පස්වරුවේ පැවැත්වෙනවා. 

----------------------------------

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය හෙට බෙරලපනාතර සිරි සුදර්ශනාරාමයට (UPDATE)

22-06-2018 21:00

බලංගොඩ, පින්නවල ශී‍්‍ර පුෂ්පාරාම ටැම්පිට රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය සඳහා සැදැහැවතුන් රැසක් මේ වනවිට එක්ව සිටිනවා.  

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේදි වැඩිම ධාතූන් වහන්සේ ප‍්‍රමාණයක් එකවර වැඳපුදා ගැනිමේ අවස්ථාව හිමිවීම මෙම පිංකමේ විශේෂත්වයක්.

ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ ජීව කේශ ධාතූන් වහන්සේ, සර්වඥ ධාතූන් වහන්සේ ඇතුලූ මහරහතන් වහන්සේ දස නමකගේ ධාතූන් වහන්සේ මෙහිදී සැදැහැවතුන්ට වන්දනාමාන කිරීමේ අවස්ථාව උදාවනවා.

බලංගොඩ, පින්නවල ශී‍්‍ර පුෂ්පාරාම ටැම්පිට රජමහා විහාරස්ථානයේදී සැදැහැවතුන්ගේ වන්දනාමානයට පාත‍්‍ර වන ධාතූන් වහන්සේ හෙට (23) උදෑසන බෙරලපනාතර සිරි සුදර්ශනාරාම මහා විහාරය වෙත වැඩම කිරීමට නියමිතයි.

---------------------------------

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අද දිනයේදීත් බලංගොඩදී  (UPDATE)

(22-06-2018 08:00)

 

බුදුරජාණන් වහන්සේගේ ජීව කේශ ධාතූන් වහන්සේ, සර්වඥ ධාතූන් වහන්සේ සහ මහරහතන් වහන්සේ දස නමකගේ ධාතූන් වහන්සේ එකම ස්ථානයකදී දැක වැදපුදා පිං රැස් කර ගැනීමට සැදැහැවතුන්ට අදත් අවස්ථාව උදා වනවා. ඒ, බලංගොඩ පින්නවල ශී‍්‍ර පුෂ්පාරාම ටැම්පිට රජමහා විහාරස්ථානයේදීයි.

පොසොන් පොහොය නිමිති කර ගනිමින් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ 4 වන නැවතුමද මෙයයි. අද (22) උදෑසන වනවිටත් බොහෝ සැදැහැවතුන් එහි රැස්වි සිටිනවා.

------------------------------------------

බලංගොඩ පින්නවල ශ්‍රී පුෂ්පාරාම ටැම්පිට රජමහා විහාරස්ථානයට පැමිණ  නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට එක්වී පිං රැස්කර ගැනීමට සැදැහැවතුන්ට හෙට (22) දිනයේදීද අවස්ථාව උදාවනවා. එහි නවතම තොරතුරු නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්ගෙන්

-------------------------------------------------------------------------------------------------------------------------------------

නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරයට පින්නවල ශී‍්‍ර පුෂ්පාරාම රජමහා විහාරස්ථානය වෙත වැඩම කෙරේ

(21-06-2018 08:22)

කරවනැල්ල වැන්දල ශී‍්‍ර විශුද්ධිරාමයේදී සැදැහැවතුන්ගේ වන්දනාමානයට පාත‍්‍ර වූ ධාතූන් වහන්සේ අද (21) උදෑසන බලංගොඩ පින්නවල ශී‍්‍ර පුෂ්පාරාම රජමහා විහාරස්ථානය වෙත වැඩම කෙරෙනවා. 

ධාතුන් වහන්සේ වැදපුදා ගැනීමට ඊයේ රාති‍්‍රයේද සැදැහැවතුන් රැසක් කරවනැල්ල වැන්දල ශී‍්‍ර විශුද්ධිරාමයට පැමිණ සිටියා. 
 

------------------------------

නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරය - පහන් කන්ද ආශීර්වාද පූජාව සවස 6.00

20-06-2018 17:59

කරවනැල්ල වැන්දල ශී‍්‍ර විශුද්ධාරාම විහාරස්ථානයේදී නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අද (20) දෙවන දිනටත් පැවැත්වෙනවා.

ඊට සමගාමීව පැවැත්වෙන පහන් කන්ද ආශිර්වාද ධාතු වන්දනා පූජාව අද පස්වරු 06ට ආරම්භ කළා.

අද දිනය පුරා සැදැහැවතුන් විශාල පිරිසක් එම විහාරස්ථානයට පැමිණ ධාතූන් වහන්සේ වැඳ පුදා ගත්තා. හෙට (21) අලූයම දක්වා වැන්දල ශී‍්‍ර විශුද්ධාරාම විහාරස්ථානයේදී නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරයට එක්වීමට සැදැහැවතුන්ට අවස්ථාව සලසා දී තිබෙනවා. 

-------------------------------------------

නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරයට සැදැහැවතුන් විශාල වශයෙන් පැමිණෙයි  (PHOTOS/UPDATE)

20-06-2018 12:48

 

කරවනැල්ල වැන්දල ශී‍්‍ර විශුද්ධාරාම විහාරස්ථානයේදී නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අද (20) දෙවන දිනටත් සැදැහැවතුන් වෙනුවෙන් මේ වනවිට ද පැවැත්වෙනවා. අද මධ්‍යම රාත‍්‍රිය දක්වා ධාතු නමස්කාරය හා සම්බන්ධ වීමට සැදැහැවතුන්ට අවස්ථාව ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ. අද පෙරවරුවේ ධාතුන් වහන්සේ වෙනුවෙන් විශේෂ පූජාවන් සිදු කෙරුණා. එහි නවතම තොරතුරු දැන ගැනීම සඳහා නෙත් විශේෂ නියෝජිත චිරාන් ජීවන්ත ධර්මසේන,


වැඩිම ධාතූන් වහන්සේ ප‍්‍රමාණයක් එකවර වැඳපුදා ගැනීමට ඇති දුර්ලභ අවස්ථාව උදා වන්නේ මෙම නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේදීයි. ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ ජීව කේශ ධාතු වහන්සේ, සර්වඥ ධාතූන් වහන්සේ ඇතුලූ මහරහතන් වහන්සේ 10 නමකගේ ධාතූන් වහන්සේ එහිදී සැදැහැවතුන්ට එකවර වන්දනාමාන කරගත හැකියි. 

.............................................................................................................................................................................

සැදැහැවතුන්ගේ සාදු නාද මැද නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරය අදත් කරවනැල්ලේදී

(20-06-2018 07:22)

කරවනැල්ල වැන්දල ශී‍්‍ර විශුද්ධාරාම විහාරස්ථානයේදී නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අද දෙවන දිනටත් සැදැහැවතුන් වෙනුවෙන් පැවැත්වෙනවා. ඊයේ (19) රාත‍්‍රිය දක්වාම දිවයිනේ නන් දෙසින් පැමිණි සැදැහැවතුන්ගෙන් පුදබිම පිරී ඉතිරී ගොස් තිබුණා. පාසල් දරුවන් වෙනුවෙන් ධාතුන් වහන්සේ නමස්කාරයට අද (20) උදෑසන කාලයේ වැඩි අවස්ථාවක් ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ. මේ එහි නවතම තොරතුරු ගෙන් එන නෙත් නිවුස් විශේෂ වාර්තාකරු චිරාන් ජීවන්ත ධර්මසේන 


ධාතුන් වහන්සේ නමස්කාරය සඳහා පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් අද දිනයේද විශේෂ පහසුකම් සලසා තිබෙනවා. එබැවින් පිං සිත් පෙරදැරිව ධාතුන් වහන්සේ වන්දනාවට පැමිණෙන ලෙසටයි කෝරළ තුන හා පහත බුලත්ගම දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක, කරවනැල්ල වැන්දල ශ‍්‍රී විශුද්ධාරාමාධිපති පූජ්‍ය හාල්යාලේ අරියවංශය හිමියන් පැවසුවේ. 

 

බුදු දහම ශී‍්‍ර ලංකාවට රැගෙන ආ පොසොන් පුන් පොහොය නිමිති කර ගනිමිනුයි නෙත් එෆ් එම් රේඩියෝව නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය ආරම්භ කළේ. ඓතිහාසික සෙංකඩගල පුරවරයෙන් ආරම්භ වූ මහා ධාතු නමස්කාරය නිමාවට පත්වන්නේ එළඹෙන පොසොන් පුන් පොහෝදා දකුණේ මහා වෙහෙර වන ඓතිහාසික තිස්සමහාරාම විහාරස්ථානයෙන්. 

මෙවරද වැඩිම ධාතූන් වහන්සේ ප‍්‍රමාණයක් එකවර වැඳපුදා ගැනීමට අවස්ථාව උදා වීම නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරයේදී සැදැහැවතුන්ට උදාවනවා. 
ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ ජීව කේශ ධාතු වහන්සේ, සර්වඥ ධාතූන් වහන්සේ ඇතුලූ මහරහතන් වහන්සේ 10 නමකගේ ධාතූන් වහන්සේ එහිදී සැදැහැවතුන්ට එකවර වන්දනාමාන කරගත හැකියි. 

............................................................................................................................................................................

නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරය කරවනැල්ල පුදබිමේදී සාර්ථකව

(19-06-2018 21:13)

කරවනැල්ල වැන්දල ශී‍්‍ර විශුද්ධාරාම විහාරස්ථානයේදී නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය මේ වනවිට ද සාර්ථකව පැවැත්වෙනවා. ඒ, දිවයිනේ නන්දෙසින් පැමිණි දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාධුකාර මධ්‍යයේයි. මේ, ඒ පිළිබඳ තොරතුරු ගෙන එන නෙත් විශේෂ නියෝජිත වරුණ එදිරිසිංහ.

ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමට කරවනැල්ල වැන්දල ශී‍්‍ර විශුද්ධාරාමයට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් ලා ඕජී අනුග‍්‍රහයෙන් දන්සැලක්ද සංවිධාන කර තිබෙනවා.

...........................................................................................................................................................

කරවනැල්ල පුදබිමේදී නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරය ඇරඹෙයි 

(19-06-2018 19:59)

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය සඳහා දිවයිනේ නන්දෙසින් පැමිණි දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගෙන් කරවනැල්ල වැන්දල ශී‍්‍ර විශුද්ධාරාම විහාරස්ථානය මේ වනවිට පිරී ගොස් තිබෙනවා. මේ අපගේ නෙත් නිවුස් වෙනුවෙන් එහි සිටින විශේෂ නියෝජිත වරුණ එදිරිසිංහ තබන සටහනයි.

 

නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරයට පැමිණෙන සැදැහැවතුන් සඳහා අවිස්සාවේල්ල ඩිපෝව අද (19) රාති‍්‍රයේ සහ හෙට (20) රාති‍්‍රයේ විශේෂ ප‍්‍රවාහන සේවා කි‍්‍රයාවට නංවා තිබෙනවා. ඒ, කරවනැල්ලේ සිට මීගස්තැන්න, කිතුල්ගල, අවිස්සාවේල්ල, කොටියාකුඹුර, බුලත්කොහුපිටියි සහ සීපෝට් දක්වායි.
 

.........................................................................................................................................

නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අද  කරවනැල්ල, වැන්දල ශි‍්‍ර විශුද්ධාරාමයේදී 

(19-06-2018 14:59)

ශී‍්‍ර ලංකාවට බුදු දහම රැගෙන ආ පොසොන් පුන් පොහොය නිමිති කර ගනිමින් නෙත් එෆ් එම් රේඩියෝව පිංකම් මාලාවක් මේවනවිටත් ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ ඓතිහාසික සෙංකඩගල පුරවරයෙන් ඇරඹි මහා ධාතු නමස්කාරය පොසොන් පුන් පොහෝදා අවසන් වන්නේ දකුණේ මහා වෙහෙර වන ඓතිහාසික තිස්සමහාරාම විහාරස්ථානයෙන්. 

මෙවරද නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේදි වැඩිම ධාතූන් වහන්සේ ප‍්‍රමාණයක් එකවර වැඳපුදා ගැනීමට අවස්ථාව උදා වීම නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරයේ විශේෂත්වයයි. ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ ජීව කේශ ධාතු වහන්සේ , සර්වඥ ධාතූන් වහන්සේ ඇතුලූ මහරහතන් වහන්සේ 10 නමකගේ ධාතූන් වහන්සේ මෙහිදී සැදැහැවතුන්ට වන්දනාමාන කිරිමට අවස්ථාව උදා වනවා. 

කුලියාපිටිය ශී‍්‍ර පුෂ්පාරාම විහාරස්ථානයට වැඩම කර වූ ධාතූන් වහස්සේ අද උදෑසන සාධුකාර මධ්‍යයේ කරවනැල්ල වැන්දල ශී‍්‍ර විශුද්ධාරාමයට බලා විශේෂ රිය පෙරහැරකින් ගමන් ආරම්භ කළා. 

ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමට කරවනැල්ල වැන්දල ශී‍්‍ර විශුද්ධාරාමයට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් ලා ඕජී අනුග‍්‍රහයෙන් දන්සැලක්ද සංවිධාන කර තිබෙනවා.
 

---------------------------------------

නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අද  කරවනැල්ල, වැන්දල ශි‍්‍ර විශුද්ධාරාමයට වැඩම කරයි

19-06-2018 08:27

කුලියාපිටිය කිතලව පූගල්ල ශී‍්‍ර පුෂ්පාරාම විහාරස්ථානයේදී සැදැහැවතුන්ගේ වන්දනාමානයට පාත‍්‍ර වූ ධාතූන් වහන්සේ අද (19) කරවනැල්ල, වැන්දල ශි‍්‍ර විශුද්ධාරාමයට වැඩම කරනවා.

කොර්ළ තුන හා පහත බුලත්ගම දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක වැන්දල ශි‍්‍ර විශුද්ධාරාමාධිපති පූජ්‍ය හාල්යාලේ අරියවංශ නාහිමි සඳහන් කළේ නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය මෙම පරිශ්‍රය තුළ ආරම්භ කිරීමට සියලු වැඩකටයුතු සූදානම් කර ඇති බවයි.

ඊයේ (18) රාති‍්‍රයේත් ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීම සඳහා කුලියාපිටිය කිතලව පූගල්ල ශී‍්‍ර පුෂ්පාරාම විහාරස්ථානයට සැදැහැවතුන් රැසක් පැමිණ සිටියා.  

 

----------------------------------

නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ සිදුවූ සුවිශේෂී පුජාව (PHOTOS) (UPDATE)

(19-06-2018 05:15)

 

 

කුලියාපිටිය කිතලව පූගල්ල ශී‍්‍ර පුෂ්පාරාම විහාරස්ථානයේ පැවැත්වෙන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ විශේෂ පූජාවක් ඊයේ (18) රාත්‍රියේ පැවැත් වුණා.

ආනන්ද හාමුදුරුවන්, බුදුන් දවස උන්වහන්සේගේ ගන්ධකුටිය වටා පැදකුණු කළ දඩුවැට පහන් පූජාව මෙහිදී සිදුකෙරුනා.

 

--------------------------------------------------

නේත‍්‍රාභිවන්දනාවට සැදැහැවතුන් දහස් ගණනිින් කුලියාපිටියට (PHOTOS) (UPDATE)

(18-06-2018 19:07)

 

 

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය කුලියාපිටිය කිතලව පූගල්ල ශී‍්‍ර පුෂ්පාරාම විහාරස්ථානයේදී අද (18) දෙවන දිනටත් පැවැත්වෙනවා. ශි‍්‍ර සර්වඥ ධාතූන් වහන්සේ ප‍්‍රමුඛ මහ රහත් ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට මේවනවිටත් විශාල පිරිසක් පුෂ්පාරාම විහාරස්ථානයට රැස්ව සිටිනවා. 

මේ අතර ධාතූන් වහන්සේ වැඳපුදා ගත් සැදැහැවතුන් පිරිසක් නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් දැක්වූවා.


..............................................................................................................................................................................

සැදැහැවතුන් දිගු පෝලීම් ඔස්සේ නේත‍්‍රාභිවන්දනාවට

(18-06-2018 13:41)

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය කුලියාපිටිය කිතලව පූගල්ල ශී‍්‍ර පුෂ්පාරාම විහාරස්ථානයේදී අද (18) දෙවන දිනටත් පැවැත්වෙනවා. ඊයේ (17) රාත‍්‍රියේ මෙන්ම අද උදෑසන ද ධාතු නමස්කාරය සඳහා සැදැහැවතුන් විශාල පිරිසක් එක්ව සිටි අයුරු දැකගත හැකි වුණා. 

දිගු පෝලීම් ඔස්සේ සැදැහැසිත් පෙරදැරිව ධාතු නමස්කාරය හා එක්වන සැදැහැවතුන් වෙනුවෙන් දන්සැල් ද පුෂ්පාරාම පුදබිමේ මේ වනවිටත් ක‍්‍රියාත්මකයි. අද උදෑසන සැදැහැවතුන් වෙනුවෙන් කැඳ දන්සැලක් හා මල් දන්සැලක් ද සංවිධාන කර තිබුණා. දහවල් කාලයේ සිසිල් පැන් දන්සැලක් හා රාත‍්‍රියේ තේ පැන් දන්සැලක් ද පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. මේ, ඊට සංවිධාන ශක්තිය ලබාදෙන පූජ්‍ය කටියාවේ ඉන්දවිමල හිමියන්. 

 

මෙම අසිරිමත් පුණ්‍යකර්මය හා සම්බන්ධ වී අද දිනයේ ද පිං රැස්කර ගැනීමට ධාතු නමස්කාරය හා එක්වන ලෙසටයි කුලියාපිටිය කිතලව පූගල්ල ශී‍්‍ර පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දුටුවැවේ ලංකානන්ද හිමියන් සැදැහැවතුන්ට දැනුම් දුන්නේ.


 

.........................................................................................................................................................................

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අද දිනයේදීත්

(18-06-2018 08:00)

කුලියාපිටිය කිතලව පූගල්ල ශී‍්‍ර පුෂ්පාරාම විහාරස්ථානයේදී නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අද (18) දිනයේද පැවැත්වෙනවා.

ඊයේ (17) රාත‍්‍රියේ ද ධාතු නමස්කාරයට එක්වීමේ අරමුණින් බොහෝ පිරිසක් විහාරස්ථානයට පැමිණියා.

රටට සහ ජනතාවට සෙත් පතා සිදු කෙරෙන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය සමග සම්බන්ධවීමට සැදැහැවතුන්ට හෙට (19) අලූයම තෙක් කුලියාපිටිය කිතලව පූගල්ල ශී‍්‍ර පුෂ්පාරාම විහාරස්ථානයේදී අවස්ථාව පවතිනවා.

මෙම අසිරිමත් පුණ්‍යකර්මය හා සම්බන්ධ වී අද දිනයේ ද පිං රැස්කර ගැනීමට සැදැහැවතුන්ට ධාතු නමස්කාරය හා එක්වන ලෙසටයි  කුලියාපිටිය කිතලව පූගල්ල ශී‍්‍ර පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දුටුවැවේ ලංකානන්ද හිමියන් දැනුම් දුන්නේ.

නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරයේදී බුදුරජාණන් වහන්සේගේ ජීව කේෂ ධාතුන් වහන්සේ, ශාරීරික ධාතුන් වහන්සේ හා සැරියුත් මුගලන් ප‍්‍රධාන දස නමක් වූ මහරහත් ධාතුන් වහන්සේ දැක බලා වැඳපුදා ගැනීමේ අවස්ථාව සැදැහැවතුන්ට උදා වනවා. 

-----------------------------------

කුලියාපිටිය කිතලව පූගල්ල ශී‍්‍ර පුෂ්පාරාම විහාරස්ථානයේ දී නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරය ඇරඹෙයි  (PHOTOS) (UPDATE)

(17-06-2018 17:42)

 

 

කුලියාපිටිය කිතලව පූගල්ල ශී‍්‍ර පුෂ්පාරාම විහාරස්ථානයේදී නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය මේ වනවිට පැවැත්වෙනවා. ඒ, දස දෙසින් පැමිණි සැදැහැවතුන්ගේ සාධුකාර මධ්‍යයේයි. ඓතිහාසික දෙවනගල පුදබිමේ සිට අද (17) පස්වරුවේ ධාතුන් වහන්සේ පුෂ්පාරාම විහාරස්ථානය වෙත වැඩම කළේ සේසත්, ධජ පතාක සහිත විචිත‍්‍රවත් වූ පෙරහැරකින්. 

මෙම අසිරිමත් පුණ්‍යකර්මය හා සම්බන්ධ වූ දිවයිනේ නන් දෙසින් පැමිණි සැදැහැවතුන් ද නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා. 

අනිද්දා (19) අලූයම දක්වා කුලියාපිටිය කිතලව පූගල්ල ශී‍්‍ර පුෂ්පාරාම විහාරස්ථානයේදී නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය සම`ග සැදැහැවත් ඔබට සම්බන්ධ විය හැකියි. 


.............................................................................................................................................................................

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය පූගල්ල ශී‍්‍ර පුෂ්පාරාම විහාරස්ථානය වෙත වැඩම කෙරේ

(17-06-2018 14:47)

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේදී සැදැහැවතුන්ගේ වන්දනාමානයට පාත‍්‍රවන ශි‍්‍ර සර්වඥ ධාතූන් වහන්සේ ප‍්‍රමුඛ මහරහත් ධාතූන් වහන්සේ කුලියාපිටිය කිතලව පූගල්ල ශී‍්‍ර පුෂ්පාරාම විහාරස්ථානය වෙත වැඩම කෙරුණා.

ඒ, හේවිසි නාද, වෙස් නැටුම්, සේසත්, ධජ පෙරටු කොටගත් විචිත‍්‍ර පෙරහැරකින්. 

 

 

-----------------------------------

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය පූගල්ල ශී‍්‍ර පුෂ්පාරාම විහාරස්ථානය වෙත ගමන් අරඹයි (PHOTOS) (UPDATE)

(17-06-2018 12:42)

 

රටට සහ ජනතාවට සෙත්පතා නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කරන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අද (17) දහවල් කුලියාපිටිය, කිතලව පූගල්ල ශී‍්‍ර පුෂ්පාරාම විහාරස්ථානයට වැඩම කරවීම ආරම්භ කෙරුණා.

ධාතූන් වහන්සේ මහත් හරසරින් පිළිගැනීමට  මේවනවිට එහිදී සියලූ කටයුතු සූදානම්ව පවතිනවා.

ඓතිහාසික දෙවනගල පුදබිමේ සිට ශි‍්‍ර සර්වඥ ධාතූන් වහන්සේ ප‍්‍රමුඛ මහරහත් ධාතූන් වහන්සේ මෙලෙස කුලියාපිටිය කිතලව පූගල්ල ශී‍්‍ර පුෂ්පාරාම විහාරස්ථානය වෙත වැඩම කරවීම සිදු වනවා.

 

-------------------------------

නේත‍්‍රාභිවන්දනා ධාතූන්වහන්සේ දෙවනගල පුදබිමේ සිට පූගල්ල ශී‍්‍ර පුෂ්පාරාම විහාරස්ථානයට වැඩම කරවීමට සූදානම් (PHOTOS) (UPDATE)

(17-06-2018 12:20)

 

 

රටට සහ ජනතාවට සෙත්පතා නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කරන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අද (17) දෙවන දිනටත් පැවැත්වෙනවා.

ඓතිහාසික දෙවනගල පුදබිමේ සිට ශි‍්‍ර සර්වඥ ධාතූන් වහන්සේ ප‍්‍රමුඛ මහරහත් ධාතූන් වහන්සේ කුලියාපිටිය කිතලව පූගල්ල ශී‍්‍ර පුෂ්පාරාම විහාරස්ථානය වෙත වැඩම කරවීම අද දහවල් ආරම්භ වීමට නියමිතයි.

කුලියාපිටිය, කිතලව පූගල්ල ශී‍්‍ර පුෂ්පාරාම විහාරස්ථානයට වැඩම කර වීමට නියමිත ධාතූන් වහන්සේ මහත් හරසරින් පිළිගැනීමට ද මේවනවිට සියලූ කටයුතු සූදානම්ව පවතිනවා.

(ඒ පිළිබඳ තවත් තොරතුරු පහත හඬපටයෙන් අහන්න..) 

-----------------------------

නේත‍්‍රාභිවන්දනාවට මැදියම් රැයේත් දෙවනගල පුදබිමේ දිගු පෝලිම්  (UPDATE/ PHOTOS)

(17-06-2018 07:35)

 

රටට සහ ජනතාවට සෙත්පතා නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අද (17) දෙවන දිනටත් පැවැත්වෙනවා.

අද උදෑසන 11 දක්වා ඓතිහාසික දෙවනගල පුදබිමේදී ශී‍්‍ර සර්වඥ ධාතූන් වහන්සේ ප‍්‍රමුඛ ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමිවනවා. ඊයේ (16) මධ්‍යම රාති‍්‍රය ඉක්මවන තුරුත් දෙවනගල පුදබිමට එක්වූ සැදැහැවතුන් ධාතූන් වහන්සේ වැඳපුදා ගත්තා. 

දහවල් සම්බුද්ධ පුජාවෙන් අනතුරුව ධාතූන් වහන්සේ වැඩම කරවන කුලියාපිටිය, කිතලව පූගල්ල ශී‍්‍ර පුෂ්පාරාම විහාරස්ථානය ද නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට දැනටමත් සූදානම්ව පවතිනවා.
 

...................................................................................................................................................................................................................

නේත‍්‍රාභිවන්දනාවෙන් දෙවනගල පුදබිම එකලූවෙයි 

(16-06-2018 19:09)

රටට සහ ජනතාවට සෙත්පතා නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අද (16) ආරම්භ වුණා. ඒ, ඓතිහාසික දෙවනගල පුදබිමේදීයි. 

ශී‍්‍ර සර්වඥ ධාතූන් වහන්සේ ප‍්‍රමුඛ ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීමට සැදැහැවතුන් විශාල පිරිසක් මේවනවිටත් දෙවනගල පුද බිමට එක්ව සිටිනවා. 

.........................................................................................................................................................................

නේත‍්‍රාභිවන්දනාවට සැදැහැවතුන් දෙවනගල පුදබිමේ පෙළ ගැසෙයි

(16-06-2018 17:09)

ඓතිහාසික දෙවනගල පුදබිමේ පැවැත්වෙන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට එක්වීම සඳහා සැදැහැවතුන් විශාල පිරිසක් මේවනවිටත් පෙළ ගැසී සිටිනවා.

ශී‍්‍ර සර්වඥ ධාතූන් වහන්සේ ප‍්‍රමුඛ ධාතූන් වහන්සේලා දෙවනගල පුදබිමට අද (16) පෙරවරුවේ වැඩම කෙරුණේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිටයි. 

..................................................................................................................................................................

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය දැන් දෙවනගල පුදබිමේදී 

(16-06-2018 15:43)

දෙවනගල පුදබිමේ සිදු කෙරෙන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට එක්වීමට සැදැහැවතුන්ට දැන් අවස්ථාව හිමි වී තිබෙනවා.

ධාතූන් වහන්සේ අද (16) පෙරවරුවේ වැඩම කෙරුණේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිටයි. දෙවනගල පුදබිමේ නවතම තොරතුරු එහි සිටින නෙත් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාරගෙන්.

 

...................................................................................................................................................................

සර්වඥ ධාතූන් වහන්සේ දෙවනගල පුද බිමට වැඩම කෙරෙති

(16-06-2018 09:54)

නෙල්ලිගල ශී‍්‍ර ශාක්‍යසිංහ සුගන්ධ කුටියේ වැඩ සිටින ධාතූන් වහන්සේ ඓතිහාසික දෙවනගල පුදබිමට වැඩම කරවීම අද උදෑසන සිදු කෙරුණා. 

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය යටතේ සැදැහැවත් ඔබට අද දහවල් කාලයේ සිට ඓතිහාසික දෙවනගල පුදබිමේදී ධාතු නමස්කාරය හා සම්බන්ධ විය හැකියි.

 

 

------------------------------------------

‘‘නේත‍්‍රාභිවන්දනා’’ මහා ධාතු නමස්කාරය දෙවනගල පුද බිමේදී ආරම්භ කෙරේ (UPDATE)

16-06-2018 05:50

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අද (16) ආරම්භ වනවා. ඒ, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙන්. නෙල්ලිගල ශී‍්‍ර ශාක්‍යසිංහ සුගන්ධ කුටියේ වැඩ සිටින ධාතූන් වහන්සේ ඓතිහාසික දෙවනගල පුදබිමට වැඩම කරවීම අද උදෑසන සිදු කෙරුණා.

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය යටතේ සැදැහැවත් ඔබට අද දහවල් කාලයේ සිට ඓතිහාසික දෙවනගල පුදබිමේදී ධාතු නමස්කාරය හා සම්බන්ධ විය හැකියි.

බුදුරජාණන් වහන්සේගේ ජීව කේෂ ධාතුන් වහන්සේ, ශාරීරික ධාතුන් වහන්සේ හා සැරියුත් මුගලන් ප‍්‍රධාන දස නමක් වූ මහරහත් ධාතුන් වහන්සේ දැක බලා වැඳපුදා ගැනීමේ අවස්ථාව මෙහිදි සැදැහැවතුන්ට උදා වනවා. 

අද සහ හෙට ඓතිහාසික දෙවනගල පුදබිමේදී නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය සිදු කිරීමෙන් අනතුරුව ධාතූන් වහන්සේලා වැඩම කෙරෙන්නේ කුලියාපිටිය, කිතුලව, පූගල්ල, ශී‍්‍ර පුෂ්පාරාම විහාරස්ථානයටයි. හෙට සිට 19 දක්වා මෙම විහාරස්ථානයේදී ධාතූන් වහන්සේලා වැද පුදා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමි වනවා.

අනතුරුව ලබන 19 වනදා කරවනැල්ල වැන්දල ශී‍්‍ර විශුද්ධාරාමයට ධාතූන් වහන්සේලා වැඩම කෙරෙන අතර එහිදී සැදැහැවතුන්ට ලබන 21 වනදා උදෑසන 7 දක්වා ධාතූන් වහන්සේලා වැද පුදා ගැනීමට අවස්ථාව සැලසෙනවා.

පසුව එදින බලංගොඩ, පින්නවල ශී‍්‍ර පුෂ්පාරාම රජ මහා විහාරය වෙත  වැඩම කෙරෙන ධාතූන් වහන්සේලා ලබන 23 වනදා උදෑසන 7 දක්වා සැදැහැවතුන්ට වන්දනා මාන කිරීමට අවස්ථාව උදාවනවා.

පසුව ධාතූන් වහන්සේලා 23 වනදා උදෑසන වැඩම කෙරෙන්නේ බෙරලපනාතර සිරිසුදර්ශනාරාම මහා විහාරයටයි. නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය ලබන 25 වනදා උදෑසන 7 දක්වා එම විභාරයේදී සිදු කෙරෙනවා.

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අවසන් වන්නේ ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරයෙන්. එම රජමහා විහාරයේදී ලබන 26 වනදා සිට පසුදා යෙදෙන පොසොන් පොහොය දක්වා සැදැහැවතුන්ට ධාතූන් වහන්සේලේ වන්දනා කිරීමට අවස්ථාව උදා වනවා.

---------------------------------------------------

‘‘නේත‍්‍රාභිවන්දනා’’ මහා ධාතු නමස්කාරය හෙට ඇරඹෙයි

15-06-2018 07:50

එළඹෙන පොසොන් පුර පසලොස්වක පොහොය නිමිති කර ගනිමින් රටට සහ රට වාසීන්ට ආශීර්වාද පතා නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන ‘‘නේත‍්‍රාභිවන්දනා’’ මහා ධාතු නමස්කාරය හෙට (16) ආරම්භ වනවා. ඒ, නෙත් සමග යළි ගොඩ නැගෙන දෙවනගල ඓතිහාසික පුද බිමෙන්.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සුගන්ධ කුටියේ වැඩවෙසෙන බුදු රජාණන්වහන්සේගේ ජිව කේශ ධාතූන් වහන්සේ, ශාරීරික ධාතූන් වහන්සේ, සැරියුත් මුගලන් මහරහත් ධාතූන් වහන්සේ ප‍්‍රධාන දහ නමක් වූ මහරහත් ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට මෙහිදී සැදැහැවතුන්ට අවස්ථාව හිමිවනවා.

හෙට සහ අනිද්දා ඓතිහාසික දෙවනගල පුදබිමේදී නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට පැවැත්වෙන අතර අනතුරුව ධාතූන් වහන්සේලා වැඩම කෙරෙන්නේ කුලියාපිටිය, කිතුලව, පූගල්ල, ශී‍්‍ර පුෂ්පාරාම විහාරස්ථානයටයි. ලබන 17 සිට 19 දක්වා මෙම විහාරස්ථානයේදී ධාතූන් වහන්සේලා වැද පුදා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමි වනවා.

අනතුරුව ලබන 19 වනදා කරවනැල්ල වැන්දල ශී‍්‍ර විශුද්ධාරාමයට ධාතූන් වහන්සේලා වැඩම කෙරෙන අතර එහිදී සැදැහැවතුන්ට ලබන 21 වනදා උදෑසන 7 දක්වා ධාතූන් වහන්සේලා වැද පුදා ගැනීමට අවස්ථාව උදා වනවා. 

පසුව එදින බලංගොඩ, පින්නවල ශී‍්‍ර පුෂ්පාරාම රජ මහා විහාරය වෙත  වැඩම කෙරෙන ධාතූන් වහන්සේලා ලබන 23 වනදා උදෑසන 7 දක්වා සැදැහැවතුන්ට වන්දනා මාන කිරීමට අවස්ථාව සැලසෙනවා. පසුව ධාතූන් වහන්සේලා 23 වනදා උදෑසන වැඩම කෙරෙන්නේ බෙරලපනාතර සිරිසුදර්ශනාරාම මහා විහාරයටයි. නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය ලබන 25 වනදා උදෑසන 7 දක්වා එම විභාරයේදී සිදු කෙරෙනවා.

අනතුරුව 25 වනදා උදෑසන ධාතූන් වහන්සේලා ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරයට වැඩම කෙරෙන අතර එහිදී පොසොන් පොහොය දක්වා නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය සිදු කෙරෙනවා.