Tuesday, April 16, 2024

General line - 0115112241

පළතුරු ගස් කැපීමත් තහනම් කිරීමට නව නීති




ආනයනික පළතුරු සදහා බදු පැනවිම සිදුකරන කාලවකවානුව පිළිබද ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා අද (24) කරුණු අනාවරණ කළා. ඒ, පොළොන්නරුවේ අද පැවති උත්සවයකට එක්වෙමින්.

දේශීය පලතුරු ගොවියා ආරක්ෂා කිරීම සඳහා ලබන මාසයේ සිට විදෙස් රටවල් සිට පලතුරු මෙරටට ගෙන ඒම සිමා කිරීමට කටයුතු කරන බවත්  ඒ හේතුවෙන් ආනයනික පලතුරු සඳහා විශාල බද්දක් පැනවීමට කටයුතු කරන බවට ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

බලපත‍්‍ර නොමැතිව පළතුරු ගස් කැපීම තහනම් කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී කි‍්‍රයාවට නැංවීමට අපේක්‍ෂා කරන බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.

එමෙන්ම කෘෂි දෙපාර්තමේන්තුව සහ ඊට අදාළ විශේෂඥයින් විසින් නම් කරනු ලබන පළතුරු ගස්, වැල් ආදිය මින් ඉදිරියට රජයේ බලපත්‍රයක් මත ලබාදෙන අවසරයකින් තොරව කැපීමට අදාළ නව නීති ගෙන එන බවද මෙහිදී  ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. 

දේශීය පළතුරු සදහා වැඩි වටිනාකමක් ලබාදීම වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ඊට අදාළ විශේෂඥයින් පිළිගත් සහ නම් කරන සියළුම පළතුරු සදහා මෙම නීතිය කි‍්‍රයාවට නැංවීමටයි තීරණය කර ඇත්තේ.