Saturday, April 20, 2024

General line - 0115112241

කොස්ගොඩ තාරක හා අතුල දැඩි රැකවල් මැද බන්ධනාගාරයට (PHOTOS)

ලලිත් චාමින්ද - ගාල්ල




මාතර ස්වර්ණාභරණ වෙළදසැල් කොල්ලකෑමේ සිද්ධිය සහ පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරිම සම්බන්දයෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොස්ගොඩ තාරක නොහොත් ධර්ම කිර්ති තාරක පෙරේරා හා අතුල කිත්සිරි නැමති සැකකරුවන් දෙදෙනා අද (24) දහවල්  බන්ධනාගාර නිලධාරින් විසින් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන යන ලදියි.

මෙම සැකකරුවන් දෙදෙනා ප්‍රතිකාර වලින් පසු රෝහලින් මුදාහැර තිබු අතර බන්ධනාගාර නිලධාරින්ගේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ පොලිස් නිලධාරින්ගේ දැඩි ආරක්ෂාව යටතේ සැකකරුවන් දෙදෙනා රැගෙන යනු ලැබිය.

මේ අතර කොස්ගොඩ තාරක නැමැත්තාගේ සහෝදරයා තවමත් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. මෙම සැකකරුවන් තිදෙනා ජුලි මස 22දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට එදින හඳුනා ගැනිමේ පෙරෙට්ටුවක් සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරණ ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසියට ඊයේ (23) නියෝග කරන ලදී.