Wednesday, April 24, 2024

General line - 0115112241

සියලු පරීක්ෂණ විනිවිද භාවයකින් යුතුව සිදුකරනවා- අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර

සමන්ත කුමාර




පොලිස්පතිවරයාට සහ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට එල්ල වි ඇති චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්‍ෂණ කි‍්‍රයාත්මක බව නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා 
මේ බව කියාසිටියා. 

ත්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනාව සැහැල්ලුවට ගත්තේ නැති බවත් ඒ සදහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඇමතිවරයා මෙහිදී සදහන් කර සිටියා. සිදුකළ බව කියන ප්‍රකාශ මත හිදිමින් පරීක්ෂණ සිදුනොකරන අතර ස්වාධීනව විනිවිදභාවයකින් යුතුව කිසිවෙකුට ඇඟිලි ගසන්න බැරි ලෙස පරීක්ෂණ සිදුකරනවා. මුලික පරීක්ෂණ අවසන් වන තෙක් නියෝජ්‍ය පොලිස්පතිවරයා අනිවාර්ය් නිවාඩු යැවු බවත් ඒ නිසා සිදුකරනු ලබන පරීක්ෂණ සදහා ඔහුට බලපෑමක් එල්ල කිරීමට ඉඩක් නැති බවද ඇමතිවරයා කියා සිටියා. 

ඊට අමතරව පොලිස්පතිවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරිම සදහා රජයේ ජේෂ්ඨ පරිපාලන සේවකයින් ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කරන බවට මෙහිදී ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාරද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා.

මීළග ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂකයා වත්මන් පොලිස්පතිවරයා දැයි මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.