Tuesday, April 23, 2024

General line - 0115112241

බලපත‍්‍ර නොමැතිව මල්පැල ගෙනආ තිදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

ටී කේ ජී කපිල




බලපත‍්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ජීවි මල් පැළෑටි තොගයක් මෙරටට රැගෙනආ සැකකරුවන් තිදෙනෙකු කටුනායක ගුවන් තොටුපොලේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනෙකුද වන බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න පැවසුවේ.

මෙම සැකකරුවන් ජාඇල, කැළණිය සහ මාතර ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ. තායිලන්තයෙන් ගෙනආ ඇන්තූරියන්,  ඕකිඞ් ඇතුළු රේගු භාරයට ගැණුනු එම පැළෑටිවල වටිනාකම රුපියල් ලක්‍ෂ 5 කට ආසන්නයි. මෙම පැළෑටි තොගය ශී‍්‍ර ලංකාවට ගෙනඒම සදහා අවශ්‍ය නිරෝධායන සහතික ලබාගෙන නැහැ.

එය වනජීවි සහ වෘක්‍ෂලතා ආඥා පනතේ විධිවිධාන උල්ලංඝණය කිරීමක් බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ.