Friday, March 29, 2024

General line - 0115112241

නැගෙනහිර ශරියා විශ්වවිද්‍යාලයට ඇතුළු වී බැලුම්ගල කළ විශේෂ අනාවරණය මෙන්න




නැගෙනහිර පළාතේ ඉදිකෙරමින් පවතින ශරීයා විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පළ වනවා.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය කාවින්ද ජයවර්ධන පැවසුවේ වහාම එම විශ්ව විද්‍යාලය රජයට පවරා ගත යුතු බවයි. 

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆයිසර් මුස්තාෆා ද, ප‍්‍රකාශ කළේ ශරීයා විශ්ව විද්‍යාලයකට අනුමැතිය ලබා දීම රජයක් විසින් නොකළ යුත්තක් බවයි. 

නැගෙනහිර ශරියා විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට නෙත් එෆ්. එම්. බැලුම්ගල කණ්ඩායමට හැකි වුණා. විශ්ව විද්‍යාල පරිශ‍්‍රයට ඇතුළු වී ඒ පිළිබඳ සොයා බැලූ පළමු මාධ්‍ය කණ්ඩායම වන්නේද, නෙත් එෆ්. එම්. බැලුම්ගලයි.

එම ගවේෂණය අලලා, කතාබහට ලක්ව ඇති නැගෙනහිර ශරියා විශ්වවිද්‍යාලය පිළිබඳ නෙත් එෆ්. එම්. බැලුම්ගල අද විශේෂ අනාවරණයක් සිදු කළා.   

(එම බැලුම්ගල වැඩසටහන පහතින් දැක්වෙයි)