Friday, April 26, 2024

General line - 0115112241

හෙට සිට නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය මහරගමදී (UPDATE)




නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කරන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ අද (12) 06 වැනි දිනයයි. අද පෙරවරු 10.00 සිට ද මොණරාගල බුක්කීරියගොල්ල ශී‍්‍ර සුධර්මානන්ද විහාරස්ථානයේදී ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමට  සැදැහැවතුන්ට අවස්ථාව සලසා දී තිබෙනවා.

ඊයේ (11) මධ්‍යම රාත‍්‍රිය වන තෙක් සැදැහැවතුන් විශාල පිරිසක් මොණරාගල බුක්කීරියගොල්ල ශී‍්‍ර සුධර්මානන්ද විහාරස්ථානයට පැමිණ ධාතුන් වහන්සේ වැඳපුදා ගත්තා. ධාතූන් වහන්සේ වැඳපුදාගත් සැදැහැවතුන් කිහිපදෙනෙකු නෙත් නිවුස් වෙත අදහස් ද පළ කර සිටියා.

මොණරාගල බුක්කීරියගොල්ල ශී‍්‍ර සුධර්මානන්ද විහාරස්ථානයේ දී අද මධ්‍යම රාත‍්‍රිය දක්වාම ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමි වනවා.

ඉන් අනතුරුව ධාතුන් වහන්සේ හෙට (13) උදෑසන මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ‍්‍රය වෙත වැඩම කෙරෙනවා. හෙට පස්වරු 03.00 සිට මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ‍්‍රයේ දී ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට ඉඩ සලසා දී තිබෙනවා. 

 

 

(මේ සම්බන්ධ මීට පෙර පළ වූ පුවත් මෙතැනින්)