Thursday, March 28, 2024

General line - 0115112241

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට කතානායකවරයා එක්වෙයි

සමන්ත කුමාර/සජිත් තිලකරත්න




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරය මේ වන විටද මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදී පැවැත්වෙනවා. ඉකුත් දින වලදී මෙන්ම අද දිනයේද ධාතුන් වහන්සේ වැද පුදා ගැනීම සඳහා සැදැහැවතුන් රැසක් පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරයේ තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ කර ගන්නවා නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්. 



ධාතුන් වහන්සේ වැද පුදා ගැනීම සඳහා දිවයිනේ නන්දෙසින් පැමිණි සැදැහැවතුන් නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කලා.

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරය මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදී හෙට දිනයේදීද පැවැත්වීමට නියමිතයි. 
 

...................................................................

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට අදත් විශාල සැදැහැවතුන් පිරිසක් 

(15-06-2019 19:17)

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය සඳහා සැදැහැවතුන් විශාල පිරිසක් මේවනවිටත් මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයට පැමිණ සිටිනවා. ධාතූන් වහන්සේ වැදපුදා ගත් සැදැහැවතුන් කිහිප දෙනෙකු නෙත් නිවුස් වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.

නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරය පැවැත්වෙන මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී රාත්‍රී 07 සිට ධර්ම දේශනයක් ද ප්‍රචාරය කෙරෙනවා. ඒ පිළිබඳ සහ නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරයේ නවතම තොරතුරු නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්ගෙන්. 

 ..............................

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අද දිනටත් ඇරඹේ

(15-06-2019 11:18)

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාර පිංකම් මාලාවේ නව වන දිනය අදයි. 

ශී‍්‍ර සර්වඥ ධාතූන් වහන්සේ ප‍්‍රමුඛ මහරහත් ධාතූන් වහන්සේ සැදැහැවතුන්ගේ වන්දනාව සදහා අද උදෑසන 10 ට විවෘත කෙරුණා. ඒ පිළිබද තොරතුරු නෙත් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාරගෙන්.