Saturday, April 20, 2024

General line - 0115112241

දිවයින පුරා දන්සැල් 7500ක්

හර්ෂිකා සංජීවනී/ලහිරු කපුගේ




පොසොන් උත්සවය වෙනුවෙන් දිවයින පුරා කි‍්‍රයාත්මක දන්සැල් පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි භාණ්ඩාගාරික යසස් මුදලිගේ පැවසුවේ පොසොන් පොහොය දිනය වෙනුවෙන් දන්සැල් 7500ක් පමණ ලියාපදිංචි වී ඇති බවයි. 

වෙසක් සමයට සාපේක්ෂව මෙවර පොසොන් සමයේදී දන්සැල් දීමේ වැඩි ප්‍රවණතාවයක් දැකගත හැකි බවද සඳහන් කළා.  අනුරාධපුර පූජා භූමිය අවට දන්සැල් 988ක් ද කොළඹ ප්‍රදේශයේ දන්සැල් 462ක් වශයෙන් දන්සැල් ලියාපදිංචිවීම් සිදුව ඇති බවද සඳහන් කළා. 

දන්සැල් සංවිධාන කරන්නන් වෙත මෙහිදී උපදෙස් කිහිපයක්ද ලබා දුන්නා. ඒ අනුව භාවිතා කරන අමුද්‍රව්‍ය පිළිබඳ සැළකිලිමත් වන ලෙසත්, ආහාර පිසීමේදී සෞඛ්‍ය ආරක්ෂිත බව, පිසූ ආහාර ගබඩා කිරීමේදී සුරක්ෂිතතාව පිළිබඳවත් සැළකිලිමත් වන ලෙසයි එහිදී සඳහන් කෙරුණේ.