Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පිල ICC යට එරෙහිව අමුතු විරෝධයක

කසුන් කැලුම්




ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමග ඊයේ (15) පැවති තරගයෙන් පසුව පැවති මාධ්‍ය සාකච්ජාව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් හෝ පුහුණු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

සෑම තරගයක් අවසානයේදී ඒ ඒ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු හෝ පුහුණු කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකුගේ සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීම සාම්ප්‍රදායික වශයෙන් සිදුවනවා.

ලෝක කුසලානය හෝ වෙනත් ඕනෑම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරගාවලියක් ආරම්භ කිරීමට පෙර, මෙවැනි මාධ්‍ය සාකච්ඡා සඳහා ක්‍රීඩකයින් හෝ නිලධාරීන් සහභාගී කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා ඒ ඒ කණ්ඩායම් අතර යම් ගිවිසුමකට එළඹෙන අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම අවස්ථාවේ දී එම ගිවිසුම කඩ කර තිබීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව යම් පියවරක් ගැනීමේ හැකියාවක් ද පවතින බවයි වාර්තා වන්නේ.

ඊයේ පැවති මාධ්‍ය හමුව ආරම්භ වූ අවස්ථාවේ දී මාධ්‍ය හමුව මෙහෙයවනු ලබන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීවරයා විසින් ශ්‍රී ලංකා කණ්ඩායම එම මාධ්‍ය හමුව සඳහා සහභාගී නොවන බව පවසා සිටියා.

“ශ්‍රී ලංකා කණ්ඩායම අපිට පැවසුවා ඔවුන් මේ මාධ්‍ය හමුව සඳහා සහභාගී නොවන බව, එවැනි තීරණයක් ගැනීම සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා කණ්ඩායමට කතා කරාවි.” යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීවරයා ඒ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියා.