Thursday, March 28, 2024

General line - 0115112241

කෝටි ගණනක් බලා සිටින ලෝක කුසලානයේ ඉන්දු පකිස්ථාන් තරගය ඇරඹෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය දැන් පැවැත්වෙනවා. ඒ, එංගලන්තයේ මැන්චෙස්ට් හි ඕල්ඞ්ට්‍රැෆඞ් ක්‍රිඩාංගණයේදීයි තරගයේ කාසිය වාසිය දිනා ගත් පාකිස්ථානය පළමුව තිරණය කළේ පන්දු යැවීමටයි.

පකිස්ථාන කණ්ඩායම අද තරගයේදී වෙනස්කම් දෙකක් සිදු කර ඇති අතර ඒ අනුව දඟ පන්දු යවන්නන් වන ශඩාබ් ඛාන් සහ ඉමාඞ් වසීම් කණ්ඩායමට කැදවා තිබෙනවා. ආබාධයට ලක්ව ඇති ශීකර් ධවාන් වෙනුවට විජේ ශංකර් ඉන්දීය කණ්ඩායමට කැදවීමටයි තීරණය කර ඇත්තේ.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණූසුම් තරගයක් ලෙස අද තරගය සැලකෙන අතර ලොවපුරා කෝටි ගණනක ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අද තරගය නරඹනු ඇති බවටයි වාර්තා වන්නේ.