Friday, March 29, 2024

General line - 0115112241

අගමැති රනිල්ට විශ්‍රාම ගන්න ඉඩදෙමු : මාලදිවයින් හිටපු ජනපති කියයි 

දිනුක් හේවාවිතාරණ




ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත මාලදිවයින් හිටපු ජනපති, වත්මන් කථානායක මොහොමඩ් නෂීඩ් ඇතුළු 90 දෙනෙකු ගෙන් දුත පිරිස සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී ඊයේ (15) රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනමා තිබෙනවා.

එම අවස්ථාවේදී පැවැති සුහද කතා බහ අතර වාරයේදී මාලදිවයින් හිටපු ජනාධිපතිවරයා “අපි දැන් අග්‍රමාත්‍යවරයාට විශ්‍රාම ගන්න දෙමුද? ඔහුට මහන්සියි” යැයි එක්වරම ප්‍රකාශ කර තිබෙනවා.

මෙහිදී එක්වරම අගමැතිවරයා විමසා ඇත්තේ "විශ්‍රාම ගන්න?" යනුවෙනි?.

“ අගමැතිතුමනි, මම අදහස් කළේ මේ රාත්‍රියෙන් විශ්‍රමා ගැනීමයි” යනුවෙන් එහිදී මාලදිවයින් හිටපු ජනාධිපතිවරයා තමන් සිදුකළ ප්‍රකාශය ගැන පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.