Saturday, April 20, 2024

General line - 0115112241

පාසිකුඩා හෝටලයේදී හිස්බුල්ලා මුණ ගැසීමට ගිය සෞදී ජාතිකයින් 05 දෙනා ගැන කරුණු රැසක් අනාවරණය වෙයි

දිනුක් හේවාවිතාරණ




වීසා නොමැතිව මෙරට රැදී සිටින බව කියන අරාබි ජාතිකයින් පස් දෙනෙකු හමුවීම සදහා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ලවු දිනට පසුදා එනම් අපේ‍්‍රල් මස 22 වැනිදා දින පාසිකුඩා ප‍්‍රදේශයේ හෝටලයකට නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා යෑම සහ ඔවුන් සමඟ පැවැත්වූ සම්බන්ධය කුමක් යන්න සම්බන්ධයෙන් සාධාරණ සැකයක් මතුවන බව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාෂය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දි තිබෙනවා.

එම සිදුවිම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි පොලිසිය අධිකරණයට දැනුම් දි ඇත්තේ.

පුනානි හි ඉදිකරනු ලබන "බැටිකලෝ කැම්පස්" නම් මෙම විශ්ව විද්‍යාලය ඉදිකිරීම සදහා අරාබි ජාතිකයින් පස් දෙනෙකු ඇමරිකානු ඩොලර් දෙකෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදලක් ලබාදී තිබීම ද සැක සහිත බවයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ.

එම විශ්ව විද්‍යාලයේ ඉදිකිරිම් සදහා සෞදි අරාබියේ තහනම් කරන ලද සංවිධානයක් විසින් ද ඩොලර් මිලියන 100කට අධික මුදලක් ලබාදී ඇති බවත් එම සංවිධානය ත‍්‍රස්තවාදී කණ්ඩායම්වලට මුදල් ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් සදහන් කරන මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාෂය අපේ‍්‍රල් මස 21 වැනිදා මෙරට සිදුවූ පාස්කු ප‍්‍රහාරය සදහාද එම මුදල් ලබාදී තිබේද ඒ සදහා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා ගේ සම්බන්ධයක් තිබේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවද අධිකරණයට දැනුම් දී තිබෙනවා.

සිද්ධියට අදාළව විමර්ශන සිදුකළ අධිකරණයට වාර්තා කරන ලෙස මහෙස්ත‍්‍රාත්වරිය මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාෂයට නියෝග කර තිබෙනවා.